අප්‍රේල් මහේ දුටු නොදුටු සිහිනය


 

උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම්

සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම්

ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම්

විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම්

 

කොළඹ නගරය හවානවක් නම්

අප්‍රේල් මාසය අලුත් නිදහස වෙම්

කොවුල් නද හා එරබදු රතු පාට ගැලපෙම්

සිංහල දමිළ මුස්ලිම් අවුරුද්ද මනරම්

 

සරසවි රඟහල් මාක්ස් එංගල්ස් නම්

පාරවල් ජොසේ මාටේ වගේ විරුවන්

අගේ කරමින් මියැදුනු සොයුරු සැමරුම්

රොද බැඳන් අහන්නේ රතු පාට මිනිසුන්

 

කෙත්වතු සරුසාර සිත්වල පලබරය

වස විස නොමැති බත අත රසබරය

ලෙඩදුක් තොරව ගෙවනා දිවි හරි දිගය

ජාතිය කියන නම වන්නේ මිනිසුන්ය

 

තරඟය තුරන් කළ දන යහපත පිණිස

සොබාදම ද කළ ගුණ සලකණු පිණිස

සුනාමියක් ආවත් රැකගනු පිණිස

එකා වන්ව රතු ධජ යට මුතු පළස

 

ලෝක සිතියමේ එක රතු තිතක් වේ

බලවතුන්ට කුරුමාණම් ඇමක් වේ

ඉන්දියාව ඉක්මනටම වෙනස් වේ

මන්නාරම කොමිනිස් පාලමක් වේ

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

කනඳරා සඳ නිසළයි


Image

ඈත කෙළවර කනඳරා වැව

ගලේ පංසල තෙමූ රළ පෙළ

ඔබේ හිනහව ගෙන වහංවුන

හිඳී ගිය ඉස්මත්ත වැළපෙන

කසාවත යට මහකැලෑගම

කනඳරාවේ සඳයි හැංගුන

ඔබේ ආදර මිනිස් ගතිගුණ

තබා රැය මැද ඔබ වහංවුණ

උදය ආර්. තෙන්නකෝන්

යුරෝපයට ආ සඳ


 

කළුවර නොමැති

පැහැදිලි සූරිච් අහසේ

සඳ ඇවිත් යන්න යයි

ඕනෑ කමින් බැලුවෙමි

සඳත් එලෙසෙම බලයි

යුරෝපය නරඹන්න

ආවදැයි  අහන්න හිතෙයි

මට යමක් කියන වග

බලන විට හැඟෙයි

දන්නා හඳුනන වගක්

කියනවා වගෙයි

මහවැවේ අග්ගිස්සෙන් පායා

ආඬියා කන්ද සිඹගෙන

පන්සල පැත්තටත් ගියේ දැයි ඇසිමි

මතකයි මතකයි කියමින්

අතීතය විමසයි

පහළ වෙලේ කොළපාගන රැයේ

මැඩුවන් ගොඩේ ඇල වි

කමතට එළිය දුනු දුටිමි

කොළඹට ඇවිත්

සිකුරිටි කරන කොට

කාඩි බෝඩ් කෑල්ලක වැටී

හොරෙන් නිදන විට

ඇහැරගෙන උන්නා මතකයි

කවියෙක් වගේ හඳ පානේ

අදරේ කළේ දැයි

සිනා සී අසයි

මතක් කළ ද

මතකැති තැනැක් සිහියට නොඑයි

යක්ෂාගමනය නාට්‍ය නරඹලා

මරියා කඩෙන් සෙට් එක බිලා

යන්න බස් නැතුව

විහාර දේවිගෙ එලිමහන් රඟහලේ

නිදා ගත්තා යාචකයොත් එක්ක

එදත් හඳ

මතක දැයි ඇසිමි

කරබාගෙන හිටියේ

මතක නැතුව ඇති

අපේ පැත්තෙත් යනව නම්

පණිවිඩයක් අතේ යවන්නට සිතුණෙමි

මනාපයක් ඇතැත්

කරදයක් වෙතැයි කර බා ගතිමි

නිහඬ බව දෙස බලා

යමක් කියන්නට මෙන්

මේ පටිට තනියම

මෙහෙ මොකදැයි නො අසයි

හෝඩුවාවක් නම් නොමැත

මතක හැටියට දැන ගන්න

බූස්සේ කවුළුවෙන් දැක්කත්

අපි කවුරුවත් දුටුවෙ නෑ

එලිය අඳුර හැරුණු කොට

ඉන් පසු කළුවරේ

තැන තැන හිටියට

හඳ දැක්කෙත් නෑ

කත්මන්ඩු නුවර නම්

දුටිමි ඔබ දවසක් දෙකක්

අනාතයෙකුව ඔබත්

ඒත් දුර වැඩි නිසා

මතක නැ

ඔය ලෙස සැකයෙන් නොබලන්න

හමු වුන වගක් කිසිවෙකුට නොකියන්න

එසේ කී කල

තවත් සැකයෙන්

හිස සලා

යමක් අසන්නට සැරසෙයි

මා කර බා ගෙනම උන්නෙමි

 

උදය ආර්.තෙන්නකෝන්

බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව


 

 Image

දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා

සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා

අපි සිංහල වං‍‍ශේ බව හිතට ගනිල්ලා

බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා

 

සාදු සාදු සාදු  මහන කරමු සාදු

සාදු සාදු සාදු වැඩම කරමු සාදු

 

සිංහල දීපේ සිංහල එකම බසයි මේක

බුදුන් ඉපදුනත් දඹදිව දහම රකිනු සේක

දෙවියන් හට භාර කරල බුදුන් ගියපු සේක

ඉතිරි හරිය සිංහලයට ලියා දුන්නු සේක

 

සාදු සාදු සාදු මරමු කොටමු සාදු

සාදු සාදු සාදු අපි අපි වෙමු සාදු

 

අභිධම් වින සූත්‍ර බණ  දියකර හරිමු

පත අට ගෙන හිඳ  බිඳ බිඳ ඉන් වෙඩි තියමු

සිහල නොවන සිඟාලයින් තොලොංචි කරමු

සක්වල ගල මුදුනට නැග කිරිබත් උයමු

 

සාදු සාදු සාදු උතුර දකුණ සාදු

සාදු සාදු සාදු සිංහල රට සාදු

 

මියන්මාර සඟ පුත් බොදු බල සේනා බල

දිරි සවි ලැබ රජ පහසින් සිඳ රුපුගේ ගෙළ

සතර අතින් කහ කනේරු මල් පාවඩ එල

රටට මල්වඩම වඩමනු හැටි සිහලුනි බල

 

සාදු සාදු සාදු අපි සිංහල  සාදු

සාදු සාදු සාදු රට සිංහල  සාදු

 

උදය ආර්. තෙන්නකෝන්

 

ඝන්ඨාර නාදයක් දැන්නම් ඉතින් ඕනැයි


Image

 

මින්නේරි බණ්ඩාර  දෙවි හාමුදුරුවෝ

නිල් දියෙහි සංහිඳයි අපේ හිත් තෙමුවෝ

කෙත සාර කිරි බතට පඬුරු දුන් වැසියෝ

තුන් බියක ගිල්වමින් කොහේ ඔබ වැඩියෝ

 

සංසාර සාගරේ දුක අපේ අපේමයි

පිංසාර ඔබේ රට සුඛ ඔබේ ඔබේමයි

පව්කාර කමක් සේ හිතන මේ දහමයි

ඝන්ඨාර නාදයක් දැන්නම් ඉතින් ඕනැයි

 

ළය ගිනි තියා වකුගඩු ලෙඩ කළා ඇති

කෙත සරු කියා විෂ දී අප මළා ඇති

දන් දෙනු කියා කිසිවක් දැන් උරුම නැති

පිං දෙනු පිණිස දෙවි බඹු කෝ අහසෙ නැති

 

උදය ආර්. තෙන්නකෝන්

 

සතුරා- Enemy by Langston Hughes


Image

එය කදිමට හිටීවි

ඒ කොහොම වුවත්

යම් දිනක ඔබ හමු වේ

මුහුණට මුහුණ

ඇවිද යමින් පහළට

නරකාදියට වූ මගෙහි..

මමත් එන නිසාවෙන්

මහත් වූ හැඟීමෙන්

පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්

ගින්දර සහ අයිස් – Fire and Ice by Robert Frost


 Image

 

ඇතැමුන් කියති

ගින්දරින්ම

ලොව අහවර වේ කියා

ඇතැමුන් කියති

අයිස්වලින් කියා

කුමකින් වුව ද

ආශාව දිව ගා ඇත්තෙමි

ගින්දරට ලැදි අයව අල්ලා සිටිමි

නමුදු එය දෙවරක් වැනසෙන්නට තිබුණේ නම්

මම සිතමි

මම දනිමි වෛරය හොඳටම  ප්‍රමාණවත් බව

අයිස්වලින් විනාශය

ගැන කීවොත්

එයත් වැදගත්

එසේම එය ද හොඳටම සෑහේ

Image

Robert Frost

පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්

ගම්ලත් ගියා බැසගෙන


Image

ලත් දෑ බොහෝ දී ගෙන

සිත් නැණ බෙදූ රිවි මෙන

ගත් වෑයමකි අපමණ

ගම්ලත් ගියා බැසගෙන

 

අඳුරුතර යුගයක

නැග බැස ගියපු අහසක

එලියක් රැගෙන සටනක

රිදී රේඛාව  අඳුරු මේඝෙක

 

මේ වැනි නිමේෂෙක

හොඳ මිනිසුන්ට හොඳ නැත

එම නපුර සමාජෙට

නොකිව්වා නොවේ මහැදුර

 

ගල් වගේ උනත් හදවත්

දිරිය අවියෙන් බැඳගත්

දරන්නට බැරුව වියපත්

සංතාපයයි ගම්ලත්

 

ජීවිත කාල සිහිනය

සංඥා අර්ථ දී ගෙන

පාඩමක් වෙන්න වෙහෙසුන

සුචරිත කමින් නික්මුන

 

පාපයෙන් පිරුණු රවුමක

ලෝකයක් වගේ හිතුවට

ලෝකයක් එකම යායක

සිහින දන් දුනි මතුවට

 

ලත් දෑ බොහෝ දී ගෙන

සිත් නැණ බෙදූ රිවි මෙන

ගත් වෑයමකි අපමණ

ගම්ලත් ගියා බැසගෙන

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

නව කල්ලඩි පාලමේ ගීතය


Image

බර අවි කම්පිත සෙල් වෙඩි

දෙවි බඹු හෙමිහිට ආ වැඩි

හදවත් කැඩුණේ කල්ලඩි

යා කළ පාලම පොඩි වැඩි

 

වෙඩි හඬට බයේ ගුලි ගැහුණා මාළුවෝ

ගුලි ගැහුණු මාළු මියෑදුනා යාළුවෝ

ගංගා මහ කලපු රුධිර පිරී ගියා යාළුවෝ

ඒ මතින් ගැඟුණ පාලම ඇත යාළුවො නැති මාලුවෝ

 

පටු පාර පුළුල් වේ හදවත් පුටු වෙද්දී

සරුපයන් රේස් යති මිනිස්සු නැති වෙද්දී

පාලමක් තනා යා කරන්න හැකි වෙද්දි

සුණු විසුණු හදක ගියක තණු නැති වෙද්දී

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

වඳුරත් එක්ක හිට ගැනීම


Image

ගිල ගන්න තලු මරන

ඩැහැ ගන්න කැස කවන

මස් වැදැල්ලකි මුතු

ඇමක් වී සයුරෙහිම ගිලී යන

 

භීතියක් ත්‍රාසයක්

ජනිත කර කර බෙර වයල්ලා

මවු බිමක් මරණයක්

හොරණෑව ගෙන නටාපල්ලා

 

උකුස්සෝ බටහිරින් එනවා

වඳුර පිටුපස කැරකියල්ලා

වාසි එතනයි බලේ ගන්නට

උසේ හැටියට හිට ගනිල්ලා

 

මහා වඳුරා වරිගෙ වඳුරෝ

වඳුරො කියනා රිලව් වඳුරෝ

දෙපා සිව් පා උරග මැඬියෝ

ජාතියේ පරිණාම වැසියෝ

 

අපරාධ කළ මිනී මරුවෝ

කමතෙ දහඅට සන්නි නැටුටෝ

යක්ෂයා පලවලා හැරියෝ

මෙන්න ආයෙත් එනවො එනවෝ

 

හිට ගනිල්ලා හිට ගනිල්ලා

වචන එහෙ මෙහෙ වෙනස් කරලා

එකම කඳවුරකට වරෙල්ලා

මේක අංජනම රවටපල්ලා

 

රටම කෑවත් කඳ පණුවො මෙන්

ඒක අදි රද වාදයයි

දෙමළාට මොන අයිතියක් දැයි

මහා වංශය අපේමයි

 

අපිව මැරුවත් අතීතයේ මෙන්

කමක් නෑ අපෙ මව් බිමයි

මාක්ස්වාදෙත් දෙකට නවලා

වමත් සිංහල බෞද්ධයි

 

පෙම්බරයි පෙම්බරයි

පව්කාර කමට නම් පිංබරයි

කුණු වළෙහි ඇවිදිනා කබරයි

වගේ මස් කෑව හැටි කදිමයි

 

කරපු මහ පව්වලට

කර්මයක් තිබෙනවලු ඇත්ත

ඒක බොරු කරන්නට

හිට ගිනිමු වඳුරාම එක්ක

 

මොන මොන වැරදි තිබුණත් ඇති අඩු පාඩු

අලුතින් හිතවා කිව්වත්  නැත අපෙමදි පාඩු

මානව හිමිකමට නම් නැත අපෙ ඉඩ පාඩු

බටහිර හුළඟ නම් ගන්නෙම අපි හොඳ වාඩු

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

එකලාව- Alone by Edgar Allan Poe


Image

මට අහිමි ළමාවියෙහි වූ හෝරාව

අන් අයට හිමි ලෙස

දැක නොමැත

අනුන් දුටු ලෙස

ගෙන එන්න නොහැකි විය

මගේ දුක්ප්‍රාප්තිය හවුල් වූ වසන්තයකින්

 

එකම තැනකින් මා නොගත්

මගේ දුක

අවදි කළ නොහැකි විය

ඒ ස්වරයෙහිම මහද ප්‍රීතියට පත්ව

මා පෙම් කළ අයට, තනිවම පෙම් කළෙමි.

 

ඉනික්බිති

මගේ ළමා විය තුල වූ, අරුණොදයෙහි

බොහෝ කුණාටු වලින් හෙබි ජිවිතය

ඇදගෙන ගියෙහිය

හොඳ නරක හෙබි සෑම ජඹුරකින්

 

මාව තවමත් බැඳෑති අභිරහස

ජල ප්‍රවාහයෙන් හෝ උල්පතින්

කඳු වැටි රතු පරයෙන්

මා වටේ ඔතන ලද හිරුගෙන්

සරත් කල එහි රන් පැහැය තුල

නැගෙන අහස් එලියෙන්

ඉගිලි මාව පසු කරාක් මෙන්

ගර්ජන කුණාටුවෙන්

යක්ෂයකු හැඩය ගත් වලාකුළු

මගේ දැක්මෙන්

(සෙසු දෙව් ලොව නිල් පැහැති විය).

එඩ්ගා ඇලන් පෝ- Edgar Allan Poe

 

පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්

 

 

ධර්මපාල ජාතකය මෙනෙහි කළ බාල සඳු


 Image

නිමිත්ත: මහා ධර්මපාල ජාතකය කියවන කල, එයින් ගම්‍යකරන්නා වූ යථාර්ථයේ විලෝමය ද සත්‍යයක් වීමේ, නොවැලැක්විය හැකි නග්න ඇත්ත.

 

මහ රජ

එකල්හි සිරිලක

උතුරු බිම් කොටුකර

පැවැතියේ ඔබගේ යුද්ධය යි

 

ඔබ විසින් ජය ගත්

නසා විධවංශනය කළ

දෙමළාව ශුද්ධ කළ භූමිය යි

 

අප අත ඇතැති

ඔබගේම ගැත්තකු ගෙන ඇති

පසුව අප හට දී ඇති

පිංතූර බල මැනව

 

දොළොස් හැවිරිදි

ප්‍රභා කොටි නායකගෙ පුත්

බාල පුත් බාල චන්ද්‍රන්

 

පපුව පසාරු කර ගෙන

හිල්කර ගිනි හීය කා ගෙන

බිම වැටී නිදියන

බාල චන්ද්‍රන් නොවේ දැයි බල මැන

 

නැත නැත

මෙය පිළි ගත නො හැක

අප කළේ මානුෂික මෙහෙයුමකි

යටත් වූ කිසිවකුට

භාර වූ හතුරෙකුට

යුධ ධර්මයෙන් එපිටට

නොකළාහ අනිටු දෑ කිසිවිට

 

එබැවින් මේ නිදන දරුවා

බාල චන්ද්‍රන් විය නොහැක

පපුව සිදුරු කළ

සැකසූ ව්‍යාජ පිංතූර විය හැක

 

අප කළේ මානුෂික මෙහෙයුමකි

මේ අලුත් රූපය ඇත්තකි

පංච සීලය රකින සෙබලුන්

රැක ඇත සතුරන්ගෙ වුව දරුවන්

 

බන්කරයේම රැකගෙන

බිස්කට් වතුර දී ගෙන

සරමක් පොරවාන

සිටිනා අයුරු බල මැන

 

ඒ අපේ මෙහෙයුමයි

අප දම්පල් පරපුරයි

නපුරක් කිසිවකුට නොකරයි

අකාලේ කිසිවකු මිය නොයයි

 

මේ බාල චන්ද්‍රන්

අපට කවුරුත් දරුවන්

අනක් ලැබ සෙබලුන්

නසනු නැත මේ සොඳුරු කුමරුන්

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

කිළිටි සුලඟ


Image

 

නොකිළිටි හිත් ඉඩකඩට

කිළිටි සුළඟක්

රැයක ඇවිදින් හෙමිහිට

නිදා ගන්නට අවසර

නොදී ඉන්නට හිතට නොහැකි ය

 

තිබුණු සුවඳක වගක්

හිස් හිතට

දැනුනේම නෑ

හිතට හිස රදයක්

ගෙනෙනා තුරුම

කිළිටි සුළඟ

 

හිත සතර අත

ඇර දා කවුළු

ඉඩ හැර යන්න සුළගට

ගසා හැර දා

ඇතුලත ඇති සැම

පළවා හරින්නට හැදුවත්

හැර ගියේ නෑ

හිත හැර දා

 

වැසුවත් හැර දැමූ කවුළු

ඇරියත් වසා ලූ කවුළු

තැවරුණු කොහොල්ලෑ බඳු වූ සිතිවිළි

කිළිටි කළ ඒ කිළිටි නළ රැළි

 

හිනාවෙති පිවිස

අහුරමින් ඉඩකඩ

හිස්බව  තුළම වූ

සුවඳ නැතිකර

 

උදය ආර්. තෙන්නකෝන්

 

ගඟක් මෙන් ගලන්නෙමු


Image
මගේ අත
ඔබේ අත
අතට අත දී
බැඳණු තද බැම්ම
නැතත් පැහැදිලි කිසිත්
එහෙත් හිත යට
යමක් සහතික කළා වැන්න

සෙළ වුණේ අත් දෙක
බැම්ම තද වෙන්න
ඇසට ඇස ගැටුනේ
හිතට මතකය ගන්න

හැමෝටම නොකියන
වචන පිට පැන්න
හිනාවට හදවතේ
සුවඳ මුසුවක් දුන්න

අපි යළි කිසිදාක
මුහුණට මුහුණ නොදිටිමු
එක් කළ දෑත් වෙන් වී
යුතුකම් කරා දුව යමු

අතක් යනු වෙනස් වූ
ඇඟිලිවල නිමැවුමකි
වෙනස් වූ අත් දෙකක්
දෙපස එක ලෝකයකි

ඔබත් මම එක වගේ
සිහිනයක නිදන්නෙමු
ඒ නින්ද අවදියෙන්
අපේ හිත් හදන්නේ

අප දෙපස එක මගක
ගඟක් මෙන් ගලන්නෙමු
හදේ ඇති කළ එදා නාදය
තාම පෙන රැළි නැගෙන්නෙය

උදය ආර්. තෙන්නකෝන්

අපි මාර මිනිස්සු


ImageImage
අස්ථිකරණයට මත්තෙන්
පුවත් එන උණුහුමින්
පුවතක් උනත් කිව යුතු
නොකියා ඉන්න මා සිතු

එවෙලේම කිව්ව නම්
වැළපුණු මගෙ හිතට හරි නෑ
නින්දට ගියපු නුඹගේ
වැලි කතර සොහොනට හරි නෑ

නුඹ ගැන නොවේ නැඟනී
කියන්නට නම් අවැසී
දුක්වුණ දනෝ වැළපී
පුදුම හදවත් අපිට තිබුණී

කුරානය කිය කියා
තත්පරය මරු එන තුරා
ගැහෙන හදවත් නෙත් අයා
ශාප කර දෙස් දීම නොව මුසා

ඇස් බැඳ නිරුවත්ව
දක්කන් ගිහින් තිරිසන්ව
වෙඩි තිය තියා හිනැහෙත්ම
වැළපෙන්න බැරි වුණේ කිම

හදවත් හරිම උභතෝකෝටිකයි
වැලපෙනා හිත් චතුස්කෝටිකයි
හිත් නම් ඉතින් ශරියා නීතිය යි
කර බා ගත්ත බොදු බැති ජාතියයි

මර මරා දහස් ගණනින්
උතුර නොව දකුණත් අඳුරින්
නොමිනිස් අඩකට හිලව් කරමින්
අපි තවම දුටු ගැමුණු දරුවන්

උතුරේ මරපු මිනිසුන්
ධම් චක්රප දැති පහරින්
ඒ වීඩියෝ බලමින්
අමතක වුණේ වෙන්න මිනිසුන්

උදය ආර්. තෙන්නකෝන්

 

කඳුළු අලුයම


Image

හීනයෙන් මිදී අවදිව

කඳුලු ඇස්වල අළුයම

ඇයි කියා කියනු නොහැකිව

හිත ගිහින් හොරෙන් දුවගෙන

දුකටමත් නොවේ කඳුළු
තනිකමත් නොමැත යහලූ
සීතලත් නොවේ මහළු
ජීවිතය මේක සියලූ

ගමන් ඇරඹූ තැන
කෞතුක සිහිනයක් මෙන
හිත ගියත් යටින් අරගෙන
පලක් නැත කඳුල පරදින

ආ මග දිගේ ආ පසු
හිතටවත් යන්න අපහසු
ඇවිත් ඇති දුර නොහිතපු
කාලයට ජය ගන්න අපහසු

මේ තමයි කියා ජීවිතය
හිත හදන වාර අපමණය
හේතුවක් නැතුව වැළපෙන
පොඩි එකෙක් වගෙයි අළුයම

 උදය ආර්. තෙන්නකෝන්

කවියකින් ඉකිලන අකුරු නැති ප්‍රේමය


Image
ඈත කඳු මත එතුණු
ගල් ගැසුණු හිම මෙන්
තදින් බැඳ ගන්න
මගේ හද
උණුසුමින් නොව සීතලින්ම

ශීතකරණයකට
ගාල් උණු
පරණ දෑ තියාගෙන
යල් පනින්නට නොදෙන

නිදන්ගත රෝගයක් වගේ
රිදවන ඔසුවක්ය
යල් පැන ඇතත්
අධි ශීතකරණයෙහි හිර වුණ

මුද්රීප්පලම් වූ වියලි
නමුදු මිහිරිතම රසයකින්
හිත දුකින් පුරවන
මිදි ගෙඩියක්ව ද නො ලැබුණු

අනන්තය කියන අර්ථය
අනන්තව ඉගිලී
ඈතටම යන්න ගිය
ඈත හිම කඳු සිතෙහි
බැඳුණු ඝණ මහා මෙර

කාලයෙන් වසා  සඟවන්න
නොහැක යුගයකට ජය ගන්න
මිරිඟුවක් උණත් ඇස් රවටන
ගීතයකි හිත පුරා රැව් නැගෙන

අනෙකුත් සියල්ල දිවි පෙතෙහි
අඩු කළත් හද විටක කීරිලන
ශූන්යළ අගයකින් සුසුමක් දුන්නද
ජීවත් වෙන්න අර්ථයකි
අයිස් මෙන් ඝණ වූ
හිත තුලම ගුලි වූ
කවියකින් ඉකිලන අකුරු නැති ප්‍රේමය

උදය ආර්. තෙන්නකෝන්

ස්වයංනිර්ණය


 

 Image

 

කිකිළි

කෙකර ගා

තටමයි

 

බිත්තරය

අදි මදි කරයි

කල් පිරුණත්

 

මිනිසුන්

නයි පොළඟුන්

බලා ගෙන

 

කූඩුවෙන්

පැන්න කිකිළී

කෙකර ගායි

 

බිත්තරය

බිත්තරයක්

බෙට්ටක්

නැතිනම්

කෙඳිරිය විතරක්

 

උදය ආර්. තෙන්නකෝන්

 

මොන තරම් සැපයක් ද සැබෑවක් වේ නම්


 Image

මායා වරුන්ගේ මායාව

සැබෑවක් වේ නම්

මොන තරම් සැපයක් ද

භේදයක් නැතිව

එකට නින්දට යන්න

 

කළුවර විසින් දක්කන

ඉර ගිලෙන බටහිර

පසු දා අරන් පෙරමුණ

දනී මතුවන පෙර දිගින් නව ඉර

 

එන්නට හිතුණෙ නැති නම්

ගිල්වන්න අඳුරෙ හැකි නම්

නපුර පරදා ලබන ජය නම්

වේය නිර්වානෙ ලබන මනරම්

 

ඇති වී පැවත නැති වීම

අලුතින් යමක් එක් වීම

කියන්නට හදන පාඩම

නිමා කළ හැකි ද හැමටම

 

මැරී මැරී වමාරන

අසමාන බරවා ජීවිත

කුසට අහරක් නැතුව

ශාපයෙන් වැළලෙන

 

කොල්ල කා ගත් මහා

නිදන් ධන සාගරය

බෙදා ගන්නට සිතක් නැති

ලෝකය කුමට දකිනා මේ දෑස

 

හැකිනම් හැමට යන්නට

චාරිකාවකි නොඑන්නට

දුකක් නොමැතිව විඳින්නට

මරණය සමානව ලබන්නට

 

සැබෑවක් වේ නම්

මොන තරම් සැපයක් ද

භේදයක් නැතිව

එකට නින්දට යන්න

 

උදය ආර්. තෙන්නකෝන්

ImageImage

Happy birthday, Emily Dickinson!


Image

Today is the 182nd anniversary of Emily Dickinson‘s birth. Happy birthday, Emily Dickinson!

Dickinson may now be one of the most recognized names in poetry, but in her day, she kept much to herself. Her work was not widely known until after her death — her first collection of poetry was published in 1890, four years after her death.

Dickinson was born in 1830 in Amherst, Mass., which was under the influence of America’s new intellectual movement, the Transcendentalists, including Ralph Waldo Emerson and Henry David Thoreau. She attended the Amherst Academy and spent a year at Mount Holyoke before returning home.

Home is what Dickinson is known for — she has a reputation as a recluse, a writer who would not leave her room. This picture has been refuted by some scholars, who argue that Dickinson withdrew from the responsibilities commonly assigned to a woman living at home, like hostessing and dusting, so that she could focus on her work.

Dickinson was a prolific poet, writing almost 1,800 poems. Many were circulated among her friends, particularly the women, in packets she sewed together herself. She was also an avid correspondent — if she were alive today, she’d probably use email and social media to keep in contact with her friends.

Of all her works, the following is one that readers often return to: “There is no Frigate like a Book.”

There is no Frigate like a Book
To take us Lands away
Nor any Coursers like a Page
Of prancing Poetry –
This Traverse may the poorest take
Without oppress of Toll –
How frugal is the Chariot
That bears the Human Soul –
By Carolyn KelloggDecember 10, 2012, 12:48 p.m.

පරණ මිතුරාගේ ෆේස් බුක් පෝස්ට්


 

Image

යමි සිත වෙත කොළඹ සරසවිය

දැක නුඹ මුහුණු පොත  පාන පෙළහරය

ටයි එකෙන් බැඳ දමා හිරකර දැමූ ගෙළ ය

කියන්නට ඇති දේ හිතන්නටවත් නො හැකි ය

 

පීචම අසල තෙල් බැම්ම

එදා පොලිටික්ස් වලින් බැඳ දැම්ම

ජෝක් කරමින් හිනා වී කා දැම්ම

කාලය හිනා වේ දැක පැනපු ඒ පිම්ම

 

බුලත් විට බෙදාගෙන කාලා

සවස් කල කෙල්ල හමු වීලා

අලුත ආ උන්ට තෙල දීලා

අය්යලා විය ආදර්ශ වීලා

 

උනේ දෝ දැයි මේ මහා වින්නැහිය

මුහුණු පොත මත නුඹේ කැඩපතය

පතෝල වගේ ඇති අකුරු රූ තේරුම් ය

දැක්කම නුඹේ වග හිතන්නේ කෝම ය

 

මර්ධන අණ පණත් ගෙන ආ වෙලාවේ

රජයට එරෙහි උද්ඝෝෂණ මත ආවේ

ක්‍රිෂාන්ති එදා කෙළෙසා නැසු වෙලාවේ

නැඟූ හඬ ද රැව් දී  මුසු උනාවේ

 

ඩිග්රිය නිසා නුඹ තැනකට ආවේ ය

යුද්ධය නිසා තොළ කට හිත වේලුණි ය

එයින් ලැබුණු වාසි අත් වින්දේ ය

 

ක්‍රමයේ ගොදුර වී දැන් එහි වහලෙක් ය

 

බලය පෙරටු කොට  පිටි පස නැමීගෙන

දැනුම උගත් කම බල්ලට දමාගෙන

සල්ලි අතට ආවම සැප පතාගෙන

නළුවෙක් වෙන්න බැරි ඇයි වෙස් වලාගෙන

 

නොවේ නුඹම විතරක් මේ වගේ සකී

නුඹේ ඇදුරු උතුමොත් ඒ මගම යතී

හැරී බලන්නට මොහොතක ඉඩක් නැතී

රැයක හිත නැගිට නුඹ වෙත හරෙනු ඇතී

 

මතක් කළොත් තෙල් බැම්මේ අතීතය

තවම පිපෙණු ඇත යා බද සල් මල් ය

එදා මෙන්ම අද මතුවත් එන යන පරපුර ය

කුමක් කියනු ඇත්දැයි සැක සහතික ය

 

උදය ආර්. තෙන්නකෝන්

 

එලිය සොයන සඳක හඬ


 

 Image

මං සළකුණක් නැත ආ ගිය අතක් නැත

නො එන වගක් කී බව නම් මතක නැත

යන්නට ගියේ නුඹ තරහින් නො වේ හිත

කකියයි හද ගින්න බුර බුර දවා හිත

 

පාළුව අඳුර එලිපත්තට පැමිණ ඇත

එලිය අඳුර දෙක වෙනසක් දැන් නොමැත

සෑම අඳුරු හෙවනැල්ලක යොමා හිත

එලිවෙන හෙටත් නුඹ ගැන ඈ හොයනු ඇත

 

සඳක් බැබලි අහසෙහි ගමනෙහි යන්නා

ඉරබටු තරුව වි රෑ එලියක් පෙන්නා

අඳුරු දවල් රට පන්දම් එලි පෙන්නා

කාටද නොකිව්වේ දුව දුව අපෙ අම්මා

 

නමක් නොමැති වගක් නොමැති බොහෝයා

හඬක් නොමැති රටක් නොමැති බොහෝයා

දුකක් මිසක පිළිසරණක් පතා යන්නෙ කොහේයා

ඒයින් මතුව සටනේ හඬ රැව් දෙනුයේ නුඹේයා

 

 

උන්ට හැකි වුණේ මරමින් හංගන්න

රටට හැකි වුණේ නින්දෙන් වැලපෙන්න

ඉතින් තවත් මෙය සෙල්ලමකට ගන්න

කඳුලකි ලොවෙහි සාගර නෙතගින් පැන්න

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

 

 

කෝ. ආනන්ද


 

 Image

අපේ කල

මහා විරු කව

අසා දැන කියව

දැන හැඳින ගත්ත සිතුවම

කෝ. ආනන්ද  හමු විය

 

විවරණ දෙන්න සතහට

මිනිස් කම් අති උතුම් කොට

කසා වත ඇතුලු  වූ හිත

හැබෑ විය ඔබව අභියස

 

ජීවිතය විවධ මගකය

ගියේ අපි එකම මගකය

ඒ මඟ බෙදී වෙන් විය

එහෙත් අපි යලිත් හමු විය

 

කෙහේ දැයි කියා දැන නියා

කෝ. ආනන්ද තෙර පියා

සිත පහන් සිලෙන් අවිලිලා

ඔබ ඉතින් තවම හිනැහිලා

 

හැර ගිය රටේ අයිතිය නැති කුරුල්ලන්

ඉගිලෙන අහසෙ එක අත්තක වගේ මෙන්

නොකියා කියන කවියක පදරුත් ඇවිදින්

ඉගිලී ගියත් ආයෙත් මුණ ගැහෙමු ඉතින්

 

උදය ආර්. තෙන්නකෝන්

එලිවෙන යාමයේ දුටු හීනය


Image

 

නටන්න හිතුනා

නැටුමක් නටන්න හිතුනා

බැඳ දා ඇති බැමි ලිහමින්

නටන්න හිතුනා

 

කරබාගෙන ඉවසාගෙන

හිතට දම්වැලක් දා ගෙන

ඇස වද විඳ කකියා යන

බිහිරි කරන මේ දෙසවන

 

අවදි කරන්නට නැටුමක්

නටන්න හිතුනා

 

පරයා ගොස් බිඳ ඝනදුර

කඩා රිද්ම නිදි බිඳ හැර

මුදා හෙලා මේ රුදු බර

පතා නිදහසේ මහ දොර

 

අලුත් තාලයේ නැටුමක්

නටන්න හිතුනා

 

උරුම කරුම තේඩාවෙන් බන්දා

කර ලා ගෙන ඇති විය ගහ නින්දා

හිත තුඹසේ ඉපිද මැරෙන  හින්දා

පුපුරා එලියට ගන්න කැන්දා

 

වෙනස් කරලියක නැටුමක්

නටන්න හිතුනා

 

මහ අව්වක තද වැස්සක

හමන අතට ප්‍රති සුළඟක

ගිගිරුම් ලන ඝන අහසක

දෙදුරුම් කන මහ පොළොවක

 

අඩිය හප්පමින් නැටුමක්

නටන්න හිතුනා

 

එතකොට….

 

කපා බිඳ දමා බැඳි බැමි

ගසා හැර දමා  බලමින්

දිසා හතර මුසු කරමින්

නටති එමින් ඒ මිනිසුන්

 

එතකොට …

 

සරෝජිනී ශිව අම්මා

පිච්ච මල් දමක් දැම්මා

සින්නතුරේ නඩරාජා

ඈට තිලකයක් දුන්නා

 

එතකොට…

 

 

මොහොමඩ් අලි මුස්තාපා

නැගෙනහිරින් ගොඩවෙන්නා

මරතොණ්ඩිය රටා දමා

මයිරා සළු හැර බැලුවා

 

එතකොට…

 

කුමාර කුමරී මා තොට

නඩරාජා බැස කඳුරට

ආවේනික නැති නැටුමට

පාද තබා එති හුරුවට

 

එතකොට…

 

පන්දම් ගෙන රැය මැඩ බිඳ

නැගෙන එලිය දැක පුන්සඳ

ලඟට ඇවිත් එක් වුන සඳ

විසල් නුවර කඳවුරු  බැඳ

 

එතකොට…

 

නිල ඇඳුම් ලෙහා එන්නේ දොරටු පාලයෝ

තක්කු මුක්කු වී පැත්තක උන්ය ගහලයෝ

කුමන්ත්‍රණ කරති වෙසෙසින් වෙනත් සෙවලයෝ

නොනැවතී නටන නැටුමට දනන් වසඟයෝ

 

එතකොට…

 

නාදුනන අඳුරු අවතාරය ඇවිත් සැනින්

ගිනි බිඳ සිහිනයට යන්නට ගියා හොරෙන්

අලුයම අඳුර දුරු වී නැගෙනා එලියෙන්

අලුත් දවස  දුටි වෙඩි කෑ ලය අතගාමින්

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

ඒ සබඳකම්


 

 Image

හිත හෝස් ගා පත්තු වී

නිවී යනවා

වතුරේ ඔබන ගිනි පෙල්ල මෙන්

අතීතේ දියට බැස

පිහිනමින් යන සඳ වරෙක

 

ආ පසු කිසි දිනක

ලඟාකර ගත නො හැකි ඈතක

ඒ බිඳුණු සබඳකම්

දැල් වී නිවෙන තරු ය

කාටත් නොකියා

ඉඳ හිට හිත රිද්දන

 

පටුනක නම්වලින්

පරිච්ඡේද පෙරලමින්

හොයන්නට නොහැකි තැන්වල

ලියවුණු සෙල් ලිපි ය

ඒ සබඳකම්

 

ගිනි ගෙන දැවී

සුළඟකින් නිවී

මිහිදන් උනත්

භෂ්ම ඈතට ඉගිලී

 

ඉඳිකටුවකින් අනිමින්

නොහිතනම මොහොතක

ඉරුණු තැන් මහන්නේ

ඒ සබඳකම්

 

උදය ආර්. තෙන්නකෝන්

Nguyen Chi Thien, Whose Poems Spoke Truth to Power, From a Cell, Dies at 73


The New York Times- Arts

Jean Libby

The dissident poet Nguyen Chi Thien in 2008 in California.

It was not the isolation that was hardest to endure, though it lasted nearly three decades. Nor was it the cold of his cell, where he was often chained naked, nor summer’s blistering heat, nor the rusty shackles that infected his legs, nor the relentless hunger.

A younger Mr.Thien

Yale University

Poems  by Mr. Thien published after British diplomats helped get them out of Hanoi.

It was, Nguyen Chi Thien said afterward, the utter lack of access to the written word: no books, no newspapers and, more devastating still for a poet, not so much as a pencil or a scrap of paper.

He kept writing anyway, producing songs of love, howls of protest and hundreds of other poems — some 700 in all — each one composed, edited, revised and stored entirely in his head for a posterity he was not sure would come.

Mr. Thien, a dissident writer who has been called the Solzhenitsyn of Vietnam for the sheaves of poems he wrote opposing the Communist government there — and for the prolonged imprisonment, including torture and solitary confinement, that his efforts earned him — died on Tuesday in Santa Ana, Calif. He was 73.

The apparent cause was respiratory illness, said Jean Libby, a friend who has edited English translations of his work. Mr. Thien, who was allowed to leave the country in 1995 and became a United States citizen in 2004, had been ill with emphysema for many years and had suffered from tuberculosis nearly all his life.

His health had been broken by his 27 years in Vietnamese prisons and labor camps, including half a dozen years in the “Hanoi Hilton” — the name, born of bitter irony, bestowed by captured American servicemen on the Hoa Lo Prison there.

Mr. Thien’s odyssey began on an otherwise ordinary day in 1960, after he had attempted to correct a piece of the Communists’ revisionist history before a class of high school students. By the 1980s and ’90s, his case had become an international cause célèbre, taken up by the human-rights group Amnesty International and the writers’ organization PEN International, among others.

Mr. Thien was considered one of the foremost poets of contemporary Vietnam, often mentioned in world literary circles as a candidate for the Nobel Prize in Literature. Of the 700 poems he wrote in prison, “70 to 100 would be considered masterpieces in our language,” Nguyen Ngoc Bich, one of his translators, said in a telephone interview on Friday.

Mr. Thien’s best-known work, the book-length verse cycle “Flowers From Hell” — which he managed to slip into Western hands, at great personal cost, during one of his rare moments of freedom — was published in the United States in English in 1984 and has been translated into many other languages.

In a poem from the collection, composed in prison camp in 1970, Mr. Thien wrote:

My poetry’s not mere poetry, no,

but it’s the sound of sobbing from a life,

the din of doors in a dark jail,

the wheeze of two poor wasted lungs,

the thud of earth tossed to bury dreams,

the clash of teeth all chattering from cold,

the cry of hunger from a stomach wrenching wild,

the helpless voice before so many wrecks.

All sounds of life half lived,

of death half died — no poetry, no.

For all his renown, Mr. Thien spent his last years quietly in the Vietnamese diaspora in Orange County, Calif., known as Little Saigon. He occupied a series of rented rooms and, most recently, a federally subsidized apartment in Santa Ana, reading, writing, lecturing and making political broadcasts on Vietnamese-language radio and television stations throughout the United States. He lived modestly, sustained partly by public assistance and donations from supporters but unable to afford medical insurance.

“He led an extremely austere life,” Mr. Bich said. “He cared so little about money that when people invited him to speak in various places, and they would collect money to give to him, most of the time he would refuse. He said, ‘Give it to other people who need it more than I.’ ”

The youngest child of a middle-class family, Nguyen Chi Thien was born in Hanoi on Feb. 27, 1939. He resolved early on to become a writer, a decision that in the Vietnam of the period was virtually synonymous with becoming a poet.

“The importance of poetry in Vietnamese literature is paramount,” Mr. Bich said. “It’s so paramount that until the end of the 19th century and even at the beginning of the 20th century, probably 95 percent of Vietnamese literature was in the form of poetry. We have history books that are written entirely in poetry.”

In such a culture, the power of poetry to subvert is immense, and in Mr. Thien’s hands, it would be deemed a dangerous weapon.

The course of Mr. Thien’s life was determined in 1954, after his native country was partitioned into North and South Vietnam. His parents, believing the Communist leaders of the north would be good for the country, chose to keep the family in Hanoi.

Young Mr. Thien’s political troubles began in 1960, after he agreed to fill in for an ailing friend who taught high school history. He noticed that the students’ textbook falsely claimed that the Soviets had brought about the Japanese surrender in World War II.

Mr. Thien told the class that in fact, Japan had surrendered after the United States dropped atomic bombs on Hiroshima and Nagasaki. He was arrested soon afterward.

He was sentenced, without trial, to three and a half years’ hard labor. It was then that he began composing poems in his head.

Released in 1964, Mr. Thien worked as a bricklayer, reciting his poems covertly to close friends. In 1966, he was arrested again on suspicion of having written those poems, which were by then circulating orally in Hanoi and elsewhere. He spent nearly a dozen years in North Vietnamese re-education camps, again without trial.

“All he had to do at any time was sign a paper saying he was wrong and Communism was right, and he could have walked away,” Ms. Libby said. “They offered him all this if he would say Ho Chi Minh is the hero and Communism is paradise.” Mr. Thien would not sign.

In 1977, two years after Saigon fell to the Communists, Mr. Thien was released along with many other political prisoners: Hanoi wanted to make room in its jails for the thousands of South Vietnamese officials it was then imprisoning.

He knew that his chances of rearrest were great, and he was not certain, he later said, that he would survive a third incarceration. He feared his work would die with him.

In secret, he set down on paper as many poems as he could recall — about 400 — which took three days of continuous writing. He took the manuscript to the British Embassy in Hanoi, where he managed to evade the guards long enough to slip inside.

He asked the British officials there for asylum, which they said they could not grant. He asked them to see that his poems reached the West, and that, they said, they would do.

On leaving the embassy, Mr. Thien was arrested and imprisoned without trial for the third time. He spent six years in Hoa Lo, three of them in solitary confinement, followed by another six years in prison camps.

Unbeknown to him, his manuscript was making its way around the world during this time, passed from hand to hand in Britain and the United States. In 1984, the Council on Southeast Asia Studies at Yale University published it as “Flowers From Hell,” translated by Huynh Sanh Thong.

The next year, the volume won the Rotterdam International Poetry Award, presented to Mr. Thien in absentia.

“Nobody knew where he was,” Ms. Libby said. “They didn’t know if he was alive or dead.”

The award brought Mr. Thien’s case to the attention of human-rights groups, which helped locate him and lobbied on his behalf. He was released from prison in 1991, weighing 80 pounds. After spending the next four years under house arrest in Hanoi, he was allowed to leave for the United States.

Mr. Thien never married. “He did have a few persons that he was in love with, and they were in love with him too,” Mr. Bich said. But then in jail, he wrote poems saying “that they should forget about him, because they’ll never know when he would be out.”

His survivors include a brother, Nguyen Cong Gian, and a sister, Nguyen Thi Hoan.

Mr. Thien’s other work in English translation includes “Flowers of Hell” (1996), a two-volume work translated and published by Mr. Bich, which comprises a new translation of the 1984 works plus an additional cycle of several hundred poems; and “Hoa Lo/Hanoi Hilton Stories,” a volume of short fiction published by the Council on Southeast Asia Studies in 2007.

Today, his poetry is also available in French, Spanish, German, Dutch, Czech, Korean and Chinese. It remains unavailable in Vietnam.

In the end, Mr. Thien’s work attained the posterity of which he had long dreamed. It was a prospect he allowed himself to imagine in “Should Anyone Ask,” composed in a prison camp in 1976:

Should anyone ask what I hope for in life

Knowing that I am in jail, you would say:

Release!

Knowing that I have been hungry, you would say:

Food and warmth!

No, no, you would be wrong, for in the Communist land

All these things are chimera

Whoever would hope for them

Must kneel in front of the enemy.

In the long struggle against the prison

I have only poetry in my bosom,

And two paper-thin lungs

To fight the enemy, I cannot be a coward.

And to win him over, I must live a thousand autumns!

 

A version of this article appeared in print on October 8, 2012, on page D10 of the New York edition with the headline: Nguyen Chi Thien, Whose Poems Spoke Truth to Power, From a Cell, Dies at 73.

http://www.nytimes.com/2012/10/08/arts/nguyen-chi-thien-vietnamese-dissident-poet-dies-at-73.html?pagewanted=all&_r=0

රටා දමා අරගලයේ පැදුර වියනු මැන


 

 Image

හුටා කියා මතක් කරල පෙරමුණ ගනු මැන

ෆුටා කියල පිටු පාලා පලා නොයනු මැන

කොටා කපා වෙන් කරන්න ඉඩ නොතබනු දන

රටා දමා අරගලයේ පැදුර වියනු මැන

 

කකියන නලියන මර්ධිත පීඩනයයි එන්නේ

කඩිති කඩිති තැන් තැන්වල වතුර එකතු වෙන්නේ

මහා ජන ගඟක් ගලමින් පාර හොයන් යන්නේ

ලොකු පොඩි ඇල මං මුසු වී ගඟ සරු කරවන්නේ

 

මේ යන්නේ රට නසන්න කියනා අම්බරුවෝ

මල් පුදමින් දහස් ගණන් ජීවිත නැති කෙරුවෝ

රටට අයිතියක් ඉල්ලා පාරේ ගුරු සිසුවෝ

උන්ට ශක්තියක් ය ඉතින් ආවොත් කම්කරුවෝ

 

 රටට සම්පතක් වේ නම් දරුවන් විය යුත්තේ

උන්ට සම්පතක් වේ නම් ඉගැනුම විය යුත්තේ

ඉගැනුම සම්පත වේ නම් නිදහස විය යුත්තේ

වනසන නිදහස වේ නම් අරගලයය් ඇත්තේ

 

වංගු දමා මග පටු කර වෙන වෙන අත නොයනු

මග වැරදී ඉන්න අයත් මහ පාරට සාදරයෙන්  ගනු

ලාභ පාට වාසිවලින් කෙටි මං නොසොයනු

සීයට හය විතරක් නොව ඉදිරිය වෙත යනු

 

අතීතයෙන් පාඩම් ගෙන පසු නොබසිනු මැන

ඇමීබා වගේ තැන තැන බෝකරලනු මැන

මකර කටට ගිල ගන්නට ඉඩ නොතබනු මැන

නැණ බල ඇති මිනිස්සුනට දිවැස හෙලනු මැන

උදය ආර්. තෙන්නකෝන්

 

 

මෙය කිව යුතුය – This is just to say by William Carlos Williams


Image

 අනුබව කළ

පලම්

බහා ලූ

අයිස් පෙට්යියෙහි

 

නිසැකයෙන්ම

ඔබ ඉතිරි කළ

උදේ අහර කිසට

 

සමාවුව මැන

එය ප්‍රණීතය

ඉතා රසය

බොහෝ සේ සීතල

 

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

 

හබරණ හන්දිය


 

 

 

 Image

ගෙදර යන්නට කොළඹ ඉඳලා

ත්‍රීකුණාමල බස් එකෙන්

ඇවිත් බැහැගත් හන්දිය

 

කොළඹ යන්නට ගෙදර ඉඳලා

අතුරු පාරෙන්

ඇවිත් බැහැගත් හන්දිය

 

චක්‍රයක් මැද සුරුවමක් හිඳ

හතර අත කරකනා හන්දිය

හබරණ හතර මං හන්දිය

 

නොරැඳෙන වතුර සේ

දනන් නැග බැස බසේ

වගතුවක් නැති කිසි සේ

 

මින්නේරි දෙයියන්ගෙ අඩවිය

මහසෙන්ම සාදරෙන් පිළිගෙන

වගෙ මහවංසෙ අවසාන කොළ දෙක

 

බඩ ඉරිඟු තමිබාන බේසම අරන් දුවනා

නතර කළ බසය නොකියාම ඇදෙනා

ජීවිතය ගැට ගහන වෙළෙඳු සිව් අත දුවනා

 

හතර හන්දිය කැඩුණු හන්දිය

අරිය මග පිට පැනපු හන්දිය

ඉරත් පරහට නැග බසින හන්දිය

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

 

 

 

Life is unavoidable


Image

Watching  the Television

While surfing internet

Having cooked meal

While drinking wine

 

Answering to mobile

Seeking through the window

Sitting near the table

Everything is happening

 

Looking at the mixed slate

Writing something on a paper

At the same time

Six organs are working

 

Something somewhere else

Out of within these

Never fulfilled

Far beyond the scenery of life

One by one

Switched it off

 

Time for the space

Space for the time

Cannot realize the difference

 

Deep burden  

A vacuum in mind

Putting alongside

Mind decoys

And went to the bed

Because of the morning is unavoidable

 

Udaya R. Tennakoon

 

 

 

The time will come


 Image

Dark and silenced night

Surrounded me with a light

Aroused the past away I kept

No one knows I have a threat

 

Closed windows and doors by myself

I am the guard ever paid for myself

Keys are on the top of the books self

How did the past come at twelve half?

 

Extinguished inside lamps one by one

Before the last time of church bell rung

Without one in front nearby home

Everything was quite and to me no calm

 

Bed is aside alone as same unprepared

Some books are on the table unclosed

Ticking the clock like a ghost reminded

Sitting on the chair the past questioned

 

Burden on the head and unrest twitching in soul

 Getting together and insist me to give up you fool

The way and the key I know that you have all

Behind me they don’t know the fact of real

 

Becoming familiar for racking and suffering

Keep me alone useless by threatening

Time and the space one night will be guiding

For that moment without asleep I am waiting

 

Udaya R. Tennakoon

 

හිදැස්- Spaces by Octavio Paz


Image

හිදැස

නැත මැද නැත ඉහළ නැත පහළ

අනවතරයෙන්  වැනසෙමින් යලිත් උපදින

දියසුළි හිදැස

ඉහලට වැටෙනා

හිදැස්

මුදුනින් කපාහළ නිර්මලතාවයන්

තහනම් කළ

රාත්‍රී ඇලපතින්

කිරිගල් සහිත කළු උයන්

දුම් ගොබයක මල් පිපෙමින්

ගුවනෙහි පිපිරෙන ධවල උයන්

හිදැස

විවර වෙමින් එක හිදැසක්

මුකුඨය

විසිරෙමින්

හිදැස තුල හිදැස

සියල්ල කොහේ දැයි නොමැත

දුරවබෝධ වෛවාහික තැනක.

 ImageOctavio Paz

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

  

අවසාන අලුයම- Last Dawn by Octavio Paz


Image

වනයෙහි  ඔබේ හිස කේ නැති විය

ඔබේ පා මාගේ  පා පරාමර්ශනය කරමින්

නිදිගත් ඔබ  විසල් ය රැයට ද වඩා

නමුදු ඔබගේ සිහිනය මේ කුටිය තුලට සරි වේ

එතරම් පුංචි වූ අප කොතරම් ද !

පසුකර යයි ටැක්සියක් පිටතින්

පටවාගත් අවතාර සමගින්

දිව යන ගඟ

නිතරම

පසු පසට දුවමින්

හෙට වෙනස් දවසක් වේද?

 ImageOctavio Paz

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

පොත් උඩ පොත්


Image

කලු පාට සුදු පාට

තව තව පාට

හිත්වල ගෑව පාට

වෙන් වෙලා තදට

 

අච්චු අකුරු

සෙල් ලිපි කළ පොත්

කලු පාටින්

සුදුපාට හිදැසේ

කලු පාට බවම කී

 

කලු සුදු වර්ණ

පොත් උඩ පොත්

ලංව ගෑවී යා බද

සංවාස සංවාද

පෙඟුණු හිත් වර්ණ

බොඳ වී

 

ගොර හැඩි වචන

දර දඬු වර්ණ

එක පොතක පටුනක

දමාගෙන අමුතු කංචුක

 

ලං නො කළ

වෙන් කළ

ඈතින්ම අඩුක් කළ

පැරණි වූ පොත් ගුළ

 

මත මේසයක

පොත් උඩ පොත්

පොත් අතර පොත්

පෙරළෙති පිටු

වැවෙති ගැටෙති ගැළපෙති

 

හිස් කොළයක්

පෑනක්

ඇඟිළි පහක අතක්

කංචුකයකට සිත්තරෙක්

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

බර්ලින් තාප්පය- Berlin Wall


Image

Image

බෙදුනා බෙදුනා ලෝකය බෙදුනා

චීන මහ ප්‍රාකාර ආටිලරි පහරින්ම බිඳුනා

දෙලොවක් අතර වූ මහ බැම්ම බිඳුනා

බර්ලින් තාප්පය කඩාගෙන වැටුනා

 

ඉතිරි කර තිබුණු නටඹුන්

බිඳුණු බර්ලින් බැම්මේ

නතර වී දුටුව සටහන්

සිත බිඳී දාවා දැම්මේ

 

කළු සුදු ලෝකයක මායිම

පෙන්වන සකල සිතුවම

සුදුපාට ලෝකයෙන් බැලුවම

තුෂ්ණිම් භුතය එන හැම

 

රතුපාට ලෝකයේ කළු බව

බටහිර ඇසින්  එව බලව

කළ හොඳ කිසිත් නැති වුව

සඟවන දෙයකි නිසැකව

 

බලන්නට නටබුන්

වන්දනාවේ මිනිසුන්

බලන ඇස් සන්සුන්

අඩුවක් නැද්ද නිදසුන්

 

හාරා ගෙන උමග

තාප්පෙට උඩින් පැනගෙන

සොයා නිදහස බටහිර

ලබා ගත්ත ද අමුර්තය

 

මැකීයන අතීතය

නව පරපුරට පෙන්වන

ළමුන් එහි කෙළි නටන

දෙතැනෙහි වෙනස නොහැඳින

 

කඩාගෙන වැටුනේ

බර්ලින් බිත්තියම නොම වේ

කඩාගෙන වැටුනේ

වම් ඉවුරු සිහිනේ

 

හංගමින් පෙන්නුවත්

උගන්වති පාඩමක්

ලෝකයම යායක්

නිදහසම නොවේ පැනයක්

උදය ආර්. තෙන්නකෝන්

 

ImageImageImageImage

දියවන්නා වෙළෙන්දා


Image

 

රෝමවරුනී

මිත්‍රවරුනී

වැසියනි

 

මේ…

මමයි

කදිම

සුදුස්සා

 

නෑ…

මමයි

පරම

මනුස්සා

 

ආහ්..

ඔන්න

නියම

කටුස්සා

 

ෂ්හ්හ්..

එයා

අහසෙ

උකුස්සා

 

උදය ආර් තෙන්නකෝන්

 

 

 

 

 

ඔබේ දෘෂ්ටි කෝණයෙන් මගේ දෘෂ්ටි කෝණය


 

 

අතහැර දැමූ පැරැණි

ධනවතෙකුගේ යැයි කිව හැකි

සරණාගතව හිමි වූ

සඳළු තලයක් මුහුණලා

සුන්දර සූරිච් වැවට

 

විනෝදය හබල් ගා

යාත්‍රා කරන නැව්

එහෙ මෙහේ රිද්මයකට

නානා මාදිලි ඔරු පාරු නූතන

ප්‍රේමයෙන් කෙළිලොල්

 

නැග බැස පියාඔන

ගුවන් යානා

තොටු පළක පණිවිඩය

ඈත කොන

 

ඉර හඳ අහසෙහි

හැංගිලා බැස ගිය ද

හඳ තරු වගේ එලි

ඈත ඉම සොඳුරු ගෙන වර්ණ

 

ගෙන යන්නට ඇතැර දැමූ

හාංසි පුටුවක්

සඳළු තලයේ තනියම

 

මා සතු එකම සකි සඳ

නූතන සටහන් පුස්තකය

කුරුටු ගානා අකුරු ද

පීරමින් සොයනා තොරතුරු ද

 

අතර හෙම්බත් පිටුවහල් ජීවිතය

ඇතැර හිතහට  ලබාගනු රිසිව නිවහන

සඳළු තලයේ පුටුව මත හාන්සිව

සීතලට දැල් වූ

පසුව ඇබ්බැහි

සිගැරැට්ටුක් ගිනි ලාන

 

ප්‍රමාදව පැමිණෙන ගිම්හාන අඳුරේ

ගොම්මන් එළිය දවටාන

බලාගෙන ඈත උන්නාම

ඔබගේ කෝණයෙන්

පෙනෙනු ඇත නිසැකවම

 

“ ධනිය ගෝ පාල

 සඳළු තල සිරි විඳින

 

යා බද සඳළු තලයේ

හැඩ කළ කැම මේසේ

වීදුරු ගැයෙන නාදේ

ජර්මන් බසින් මුසු වේ

 

මගේ කෝණෙන් ඈත

හාත්පස සදිසි සිත්තම

හිත පලා විගස ගියහම

ගැටී වියවුල් වේය ඇස හිත

 

දවසකට දෙතුන්වර

ක්ලික් කර බලන බූන්දිය

මගේ කවියක් ඔහේ තනියම

බලාගෙන මදෙස සිහි විය

 

කතාකර නිතර විමසන

යහපතක් රටට නැත වෙන

තරුවක් ඈත පායන

අත්හැර නොයනු කියමින

 

ඔබේ කෝණෙන් මා දෙස

මගේ කෝණෙන් වෙන දෙස

මේකම නේද හැබැහැට

දෘෂ්ටි කෝණේ ගැටුම අපහට

 

උදය ආර්. තෙන්නකෝන්

 

බිඳුණු අහස


Image

පැතිරුණු  නිල් අහස

වැතිරී හිත නතරව

සංසුන් මොහොතක

හිස් කොලයකි මනස

 

වලාකුළු රෑනක්

කුර ගා ඉහළ ඉගිලී

රැඳී හිස් පිටුව මත

බිඳී සන්සුන් දැහැන

 

කෙමෙන් හිරු බටහිරට

යයි ඉතිරි කර වර්ණ

තැවරී වලාකුළු මත

රාමු කළ සිතුවමකි අහස

 

විසිර රෑනැක් කුරුල්ලෝ

හරි හදිස්සියකින්

බිඳුණු කැඩපතක් සේ

කෆීර් යානා විද යති උතුරට

 

සිතුවම් අහසට

තඩි අඳුරු මේඝයක්

 

උදය ආර්. තෙන්නකෝන්

2009 පෙබරවාරි

 

 

ගිම්හාන ගීතය- Summer Song- by William Carlos Williams


 

 

සංචාරක සඳ

උත්ප්‍රාස සිනහවක

මදහසින්

හිමෙන් තෙත් වූ

මේ පැහැසර

ගිම්හාන උදෑසන

 

තැන්පත්

නිදිබර

උදාසීන මදහසකින්

තැනින් තැන යන්නෙකුගේ

මදහසක්

 

කමිසයක් මා

මිලට ගත යුතු නම්

ඔබේ පාටින්

ටයි එකක් පළඳමි

අහස් පැහැ නිල

ඔවුහු මා කොහේ ගෙන යා ද ?

Image  

William Carlos Williams

 

පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්

සුදු නැත ඉතිරි මාසත්


Image

කළු ගල් පවුරු කළු ජූලි

කොන්ක්‍රීට් පදනම් වියලි

ඉදිවුණේ ඉතිරි සුදු බිත්ති

ඉතිරි  මාස ද කළු ජූලි

 

ජූලිය කළු උනත්

සුදු නැත ඉතිරි මාසත්

අඩසිය වසක මනුසත්

සැක මර බියෙන් පිරි හිත්

 

උතුරු පෙර දිග දසත

අඳුරු සෙවණැලි වැද

අබ පතක් සොයන්නට

ගමක් ගෙදරක් කොහි වෙද

 

කොටහේන වැල්ල වත්තේ

මට්ටක්කුලිය පැත්තේ

දමිළ වීමෙන් උපන් තත්වේ

ඝණදුරම තව ඇත්තේ

 

හැටන් මස් කෙළිය

තේ වතු ගෙනෙන එලිය

අඳුරින් පිරුණු කඳුල

පාපකාරී වීද සදහට දමිළ

 

කළු ජූලියේ පන්දම

රාවණා අරන් අළුයම

ගිනි තිය තියා ගියහම

සුදු නෑ ඉතිරි වසරම

 

මරණයක් නොමැති දවසක්

පැහැරගත් නොමැති දවසක්

පහරදුන් නොමැති දවසක්

නැත නිවුස් නැති එකම දවසක්

 

ගසා කා ගෙන රන්

පෝසත් විම මනරන්

කප්පම් තවත් අරගන්

ජාතික ගීය ගයපන්

 

සමරන්නට නොවේ මේ මස

සොයුරු හිත් දෙකඩ කළ මස

සංහිඳික් උනොත් මින් බැස

පන්හිඳක් ආයෙ කුමටද

 

බලා ඉන්නට බෑ

එන ජූලිය ද පියඹා

අහවරක් කරනු කවදා

මිනිසුන් වෙන්න හැමදා

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

 ImageImageImage

 ImageImage

නිමිත්ත-ගම අමතකයි


ImageImage

සිදාදියට එන්නට මට

බුද්ධිය උඹ තමයි එදා
පාර කිය දුන්නෙ
ගමෙන් උරුම වු වස්තුව

පොදියක් බැඳ කර තියාන

නුඹේ බහට රැවටීලයි සිදාදියට මං අවේ..

ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් කළා මිසක
මෙහි දී අලුතෙන් ඉපයු කිසිම දෙයක් නැත්තේ
ඉස බරකළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ…

සිදාදියෙන් ආපහු මගෙ

ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ…

පැලේ පිළේ ඉපදුණු මට
රජවාසල හුරු කොයින්ද
රජුන් ඇමතියන් නළවන
මිහිරි මුසා බස් කොයින්ද..

ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපසු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මේ මට ගමට එන්න
පාර කියපන්නේ…

 

මහගමසේකර

ගමරට මතකයි

ගමෙන් පිටට යන්නට මට

බුද්ධිය උඹ තමයි එදා

පාර කියා දුන්නේ

රටෙන් පිටට යන්නට මට

යුද්ධය උඹ තමයි එදා

පාර කියා දුන්නේ

 

රටෙන් උරුම වූ වස්තුව

හිත අස්සේ හංගාගෙන

උඹේ බහට රැවටීලයි

තවමත් මම ඉන්නේ

 

ඒ එනකොට ගෙන ආ දෙය

එහෙම්ම මය

පොලියත් තව

එකතු වෙලා ඇත්තේ

 

ඉරිසියාව කුඩුකේඩුව

මහන්තත්ත තක්කඩිකම

මුග්ධ කමින් හිස ඉදිමුන

රට ජාතිය   ආඩම්බර

 

අංචි ඇදල සතුටු වෙන්න

කොටවාලා වෙන්කරන්න

කටුස්සො කිඹුලන් කරන්න

හොඳට දනී රඟපාන්න

 

මෙහෙන් උගත් දේ අරගෙන

කාලා මළ පහ කළාට

ගෙනාව මල්ලට කිසිවක්

වද්දගන්නෙ නැත්තේ

 

අධිරදවද විරෝධයයි

කැපිටලිසම් වවන ටිකයි

දෑකැති මිටි ගිල්ල බඩයි

විතරයි මට ඇත්තේ

 

නැමෙන්න බැරි

හැරෙන්න බැරි

පත්තු බැඳපු තුවාලයක්

යටින් ඇදුම් කන්නේ

 

යුරෝපයෙන් ආපහු මගෙ

රටට යන්න ආසයි මට

ඒත් රටට යන්නට දැන්

වීසා එක නැත්තේ

 

එහෙම උනත් හිත හදාන

මුහුද සොයා ගියෙ පසු දින

බැඳපු මල්ල ගෙන ලෙහාන

වීසි කළෙමි ගියෙ ගසාන

 

ඉරිසියාව

කුඩුකේඩුව

මහන්තත්ත

තක්කඩිකම

මුග්ධ කමින්

හිස ඉදිමුන

ගෝත්‍ර වූ

ම්ලේච්ඡකම

 

වමාරලා එලියට ගෙන

හිරවුණු දෑ කැති මිටියම

හෝදා මල්ලට දැම්මම

මාක්ස් සතුටු වී හිනැහින

 

ගෙනාව දේ ඒ අතරම

විසි නොකළෙමි මනුස්සකම

මතක් උනේ මගෙ ඒ ගම

කඳුලක් සයුරට එක්වුණ

 

රැල්ලක් ඇවිදින් අරගෙන

ඈතින් ඈතට ගහගෙන

කඳුලින් සයුරම තැවරුන

මගෙ ලෝකය විශාල වින

 

පැලේ පිලේ ඉපදුන මට

හිරේ බෝඩිමේ ලැගි මට

යුරෝපය ද ලොකු නැත මට

මින්ස්සු නැතිනම් විසුමට

 

කවදාහරි යලි යනකොට

හැකිනම් දෙන්නට මෙහි සිට

රටට ගමට හිමි කර නැති

බොහෝ වස්තු ඇත්තේ

 

නිදහස සාමය ප්‍රේමය

මිනිසට ඇති අගනා දෙය

දිග දුර විහිදෙන ඥාණය

ජාතින් මුසුවණු වර්ණය

 

අමිමේ නුඹ හට නැති දෙය

දෙන්නේ කොහොමද ඒ දෙය

මතක් වෙද්දි යුරෝපයම

අමතක වෙනවා විගසම

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

 

පරිස්සං වෙයං නුඹ සකි


Image

යකුන්ටත් බය නැති

රටකටම හිත ඇති

නුඹ ගැඹුරු මිනිහෙකි

ඉතිහාසයේ තැන් වෙති

 

මේ නරක කාලයකි

නාඩි නැති දූපතකි

පරිස්සං උනොත් යහපති

නුඹ අවැසි මිනිහෙකි

 

කට මෙන්ම හිත ද

හිත මෙන්ම හද ද

පෑනෙන් ගලන වැකි ද

ගිනියම් වෙලා වැඩි ද

 

අඳුරු යුග පහුකර

අතිරික්ත දිවිය පොදි බැඳ

අයුක්තියෙ ධනුධර

ශාන්ත වෙයන් සොහොයුර

 

වැරදි තැන්වල වුවද

දෙපා මහ සවි බලව

හිටගත්ත කෙනෙකු බව

නුඹට මොන සහතික ද

 

ඒකම නොවෙද හේතුව

උන්ට ඇති හේතුව

ඒකම නොවෙද හේතුව

අපට ඇති හේතුව

ඇලපිල්ලක් ගලපා

දිව එහෙට හරවා

එහෙයි කියනු බැරුවා

උන්ගේ ද නුඹ හතුරා

 

උතුරට ද ශාන්තය

දකුණට ද ශාන්තය

උන්ට නොව ශාන්තය

පරිස්සන් වෙයන් ශාන්තය

 

උන්ට නුඹ ගොදුරකි

රටට නුඹ මැණිකකි

කාලය දෙන්නෙ තිතකි

පරිස්සම් වෙයන් නුඹ සකි

 

 උදය ආර්. තෙන්නකෝන්

 

 

 ImageImage

 

නිමලරූබන්


 Image

නිරතුරුව පිටුපිසින් මරු බලා සිටියාද

නිල් අහස අඳුරු වී වහින්නට හැදුවාද

නිරපරාදේ කියා මරුවට ද තේරුනිද

නිමලරූබන් මැරුව ඒ මරුව කවුරුන්ද

 

මිනීකන යක්ෂයා අරක්ගත් දේශයක

හුදී ජන කම් පියා නිදා ගත් කාලයක

අරගල ද මරණය ද විකුණනා සාදයක

නුඔ ද තවකෙක් පමණි යල් පනින මාසයක

 

අවලංගු මිනිස්කම් කරලියෙහි හැමතැනම

විලංගුව මියැදෙන්න නුඹ නැගූ කෙඳිරිය

ඇහෙන්නට දෙවියන් ද පලාගිය රාත්‍රිය

ලියන්නට බැරි දුකකි මේ රුදුරු ශාපය

 

හඬක් නැති රටක් නැති බිඳුණු සිත් තලාවක

වැඩක් නැති හුදෙකලා සටන් සිර කුටියක

මරු කටක වුව නොමැති අයිතියක් මරණයක

අරන් සකි නුඹ ගියේ  උරුම නැති මළ ගමක

 

නිමල සිත් තිබුණාට සසල වූ කාලයක

විකල වූ  නීතියට හෙට ද ඇත ගොදුරක

නිසල කළ නුඹේ පණ වල් වැදුනු යුක්තියක

නිමල රූ පිළිමයකි නුඹ නුදුරු  නිදහසක

 

උදය ආර්. තෙන්නකෝන්

රම්පෙ කරපිංචා


Image

 

හොද්ද රස කරගන්න

ඕන වන විට ඔන්න

ලාබෙට තියෙයි මෙන්න

 කරපිංච රම්පේ ගන්න

 

තෙලට කිරට ද මිරිසට

රසය මුසු වූ සුවඳට

හප උනත් පිසූ පසුවට

නැතුවම බැරිය පදමට

 

පෙනෙන්නට නම් නැති

පිසූ පසු ඉන් වැඩ නැති

කතා බස් ඇති වෙති

මස්  මාළු රස කියැවෙති

 

උරා ගත්  සියලු සාරය

සමස්ථය හොඳට නිම වෙය

කටු රොඩු අතර  කොන් වෙය

පිළිකන්නෙන්ම පිට වෙය

 

රස ගූණ වෙනස ඕන නම්

ලාබෙට හනික පැමිණෙම්

කිත් යසස්  නම් වෙන යම්

කෙනෙක් ගත්ත ද නැත කම්

 

හොද්ද රස කරගන්න

ඕන වන විට ඔන්න

ලාබෙට තියෙයි මෙන්න

 කරපිංච රම්පේ ගන්න

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

 

 

 

 

 

 

 

මීට වසර පහකට පෙර ජූනි 25


 

Image

 මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “ මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ හැඟීමක් නො තිබිණි. උපන් දිනය පවා වැදගත් දිනයක් කොට සලකන්නට අවශ්‍යතාවක් නැති මට, සැමරුම් දින හෝ විශේෂිත දින එතරම් වැදගත් නොවුණත් ජුනි 25 පිළිබඳ මීට අවුරුදු පහක මතකයෙන් අතීතය අවුස්සන්නට වීමෙන් යටපත් ව තිබූ රෝගයක් යලි ඇවිස්සුනාක් මෙන් මගේ සිත නොසන්සුන් කරන්නට විය. නොසන්සුන් වීමේ සංවේදී හේතුව වන්නේ, පණිවඩය එවා ඇති සගයාගේ මනෝභාවය පිළිබඳ සිතන විටය.අවුරුදු පහක් කල් පිරෙද්දීත්, ඔහු ඇතුලු තවත් සගයින් හිර ගෙදර දින ගැනීම කරමින් නිදහස නැමති බලාපොරොත්තුවේ සිහින දකිමින් සිටින්නෝය.

ජූනි 25 ආයාසයකින් මෙනෙහි කරන්නට තරම් අමතක නොවන දවසක් බව ඇත්තකි. එහෙත් එවැනි දින කොපමන නම් ජීවිතයට එකතුවී ඇත් ද. පණිවිඩය එවන ලද සගයාත්, පණිවිඩයත් එකට එකතුව ගෙන දුන් මතකය නිසා ජූනි 25 වැනි දින අතීතයට ගොස්, එහි ඇති ස්මරණිය හැඟිම දැනෙන්නට විය. විසිපස් වැනි දිනය යනු  අප සියලු දෙනා බූස්ස රැඳවුම්  කඳවුරට ආයුබෝවන් කී දිනයයි. අප සියලු දෙනා යනු මීට වසර පහකට පෙර එනම් 2007 වසරේ දී කිසියම් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වූ සිංහල තරුණ කණ්ඩායමකට “ සිංහල කොටි “ නම් වූ ලේබලය සමාජගත වූ  සිද්ධයට සම්බන්ධිත පිරිසයි.

අපි සියලු දෙනා බූස්සේ රැඳවුම් කඳවුරෙහි ත්‍රස්තවාදීන් ලෙස සිරගත වී සිටියෙමු. මුලින් ම බූස්ස කඳවුර සිංහල ත්‍රස්වතවාදීන්ගේ කඳවුරක් විය. දෙවන වර දෙමළ ත්‍රස්තවාදීන්ගේ කඳවුර වුවද, එහි සිංහලයින් ද මුස්ලිම් කිහිප දෙනෙකුන්ගෙන් ද යුතුව මිශ්‍රිත කඳවුරක් විය. පළමු වරට සිංහලයින් වැඩි පිරිසකගෙන් යුතුව බූස්ස කඳවුර දෙමළ කොටි සැකකරුවන්ගෙන් ද පිරි පැවැතිණි. දෙමළ කොටියාට වඩා සිංහල කොටියා ජාතියට ද්‍රෝහියෙකු වූ අතර සමාවකට කිසිදු අවකාශයක් නො තිබිණි. එම ආකල්පය සමාජගත කිරීමේ ප්‍රමුඛ කර්යය බහුතර ජනමාධ්‍ය විසින් ඉටුකරන ලද්දේ නීතියටත් කලින් දඬුවම් දීම තුලිණි. සිංහලයින් වූ අප දෙමල කොටි සැක කරුවන් හා එකට විසීමෙන් බූස්ස කඳවුර කිසියම් වෙනසකට හැරුණේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නට විය. රැඳවියෙකු වශයෙන් කඳවුර තුල ඇති අයිතීන් පවා අහිමි වී සිටි සැකකරුවන්ට කිසියම් ආකාරයක සහනයක් සිංහල කොටි නිසා ලැබුණු අවස්ථා ඇති විය.

ඉන් පළමු වැන්න නම් භාෂාව දෙමළ විම නිසා ඇති වු අසාධාරණය විය. ඔවුන්ගේ හඬට කන් දෙන්නට තරම් සංවේදිබවක් රාලහාමීලා බහුතරයකට නොතිබුණත්, බූස්ස බාර පොලිස් ස්ථානාධිපතිවරයා රැඳවියන්ගේ හඬට කන්දුන් දුර්ලභ ගනයේ පුද්ගලයෙකු වු බව කිව යුතුය. ඔහුගේ එම ක්‍රියා කලාපයට විරුද්ධව බොහෝ නිලධාරීන් තුල ද කතාබස් ඇති වි “ කොටියෝ නලවන්න හදනවා“ යන හැඟීමෙන් යුතුව බොහෝ විට අමානුෂික ලෙස කටයුතු කරන්නට වු අවස්ථා ද දැකගත හැකි විය. යක්ෂයින් අතරට මනුෂ්‍යෙයකු පහළ වූයේ කෙසේ ද යන සිතිවිල්ල ඇතිවීම පුදුමයක් වූවත් සත්‍යය එයමය. ඔහු එසේ කළේ ඇයි යන කාරණයට ඇති හේතු පසෙක තබමින් ජුනි විසි පස්වැනිදා උදෑසන සිංහල කොටින් වු අප 26 දෙනාත් සමග තවත් දෙමළ සැකකරුවන් කිහිප දෙනකු ද, ගැහැණු කොටි සැකකාරියන් කිහිප දෙනකු ද ඇතුලු සියලු දෙනා අශෝක් ලේලන්ඩ් බසයක නංවා කොළඹට ගෙන එන්නට සූදානම් විය.

(මේ අතර ද කතා ඇත)

අප සමඟ බූස්සේ සිටි සිංහල සැකකරුවන් අතර පාතාලයේ නමගත් චරිත කිහිප පලක් ද කොටින්ගේ වැඩවලට සම්බන්ධ විම නිසා එහිම රඳවා සිටි අතර,  ඔවුන්ගෙන් නමගත් මැරයා කෝට්යේ දයා ය. ඹහු 88/ 89 කාලය තුල බූස්ස කඳවුරේම මැරකම් කරනු ලැබූ හිටපු හමුදා භටයෙකි. දෛවයේ සරදමකට මෙන් ඔහු ද බූස්සේ හිරගතව නින්ද නොයන රෝගයෙන් පෙලෙමින් පැරණි මැරකම් ස්මරණයෙන් රාත්‍රිය ගතකළේ  “ හෙට මාව නිදහස් කරාවි හෝ රිමන් කරාවි“ යන සිහින සිතිවිල්ලෙනි. ඔහුට කලින් සිංහල කොටි බූස්සෙන් කොළඹට ගෙන යෑම ඔහුට දරාගත නොහැකි දෙයක් විය.

“ කොටින්ට පුක දුන්න එවුන් රිමාඩි කරනවා අපි මෙතන අවුරුදු දෙකක් වෙන්න එනවා තවම මොකවත් නෑ“

ත්‍රස්තවාදී පණතට අනුව ඔහු ද එකම ගොඩට වැටුණු ද්‍රෝහියෙකු වුවත්, ඔහුට අනුව ද අප ද්‍රෝහින්ය. නියම අර්ථයට අනුව නම් සැම සියලු මානයකින්ම ද්‍රෝහින් වී ඇත්තේ ඔහු වැනි ඝාතකයින් වුවත්, ජාතිය නැමැති ඔටුන්න පැළඳගත් ඕනෑම තක්කඩියෙකුට සියලු ජඪකම් සාධාරණීයකරණය කරගත හැකි හෘද සාක්ෂියක් හදාගැනිමට ජාතිමාමකයෙකු විමෙන් හැකි වන්නේය. කොළඹ බලා බසය ධාවනය වෙද්දී, බසය තුල වූ වැඩි දෙනකුට විනොද ගමනක් මෙන් විය. කිහිප දෙනෙකු සින්දු කියන්නට පටන් ගත් අතර, එය ක්‍රමයෙන් වැඩි වර්ධනය වී මාංචු ලා ගත් විනෝද චාරිකාවක් වන්නට ඇත්තේ නිදහස පිණිස යන ගමනේ එක් පියවරක් පසු කළ නිසා විම හෝ තිබෙන තත්තවය තුල මිනිසා ජීවිතය සොයන නිසා විය හැකිය. සිංහල සින්දු අතරට දෙමළ සින්දු ද එක් වි සියලු දෙනා කිසියම් විනෝදයක් ලද අතර එහි කොටස් කරුවන් බවට පත්වීමට අපව මාංචු ලා රැකවලෙහි වු පොලිස් හමුදා භටයින්ට ද සිදු විය. ඔවුන් ද විනෝදයක් ලබන්නට ඇත. රංජනි නමි දමිල සහෝදරිය කැඩුණු සිංහලෙන් ගැයූ “ සුරංගනීට මාළු ගෙනාවා“ ගීතය හැමකෙනෙකුම අසා සතුටු විය. මාංචුවලට, හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ  නොහැකිය. බැඳෙන විශ්වාසය, සහෝදරත්වයට මාංචු දැමිය නොහැකිය.

 

අප සියලු දෙනා එදින හවස උසාවි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාණ්ඩ කර කොළඹ ඇති සිර ගෙවල් තුන වූ මැගසින්, වැලිකඩ හා සී ආර් පී යන්නෙහි විශේෂ ආරක්ෂාව ඇතිව රඳවන ලෙස නියෝග ලැබෙන විටත් එදින නිදහස අපේක්ෂාවෙන් සිටි සගයන් නො සිටියා නොවේ. රඳවා තබන ලද දින සිට විවධාකාර හිංසනයන්ට මුහුණ දෙන්නට වූයේ “සිංහල ජාතිය හා ද්‍රෝහිත්වය“  යන්න අන් කවර වරදකට ද වඩා අධිනිශ්චය කරමිනි.මංකොල්ලකාරයා ද, ස්ත්‍රී දූෂකයා ද, ජාතියක ධනය කොල්ල කෑ වැට් හොරුන්ට ද වඩා ද්‍රෝහීන් බවට පත්වීමේ ඛේදවාචකය අත්දකින්නට විය.

(මේ අතර ද කතා ඇත)

 

  මේ මොහොත වන විට තවත් පිරිසක් නිදහස අපේක්ෂාවෙන් සිටින අතර දේශපාලන සිරකරුවන් ගොන්නෙහි ශුද්‍රයන් බවට පත්ව ඇත. යුද්ධය හමාර කර අතපිස දා ගෙන මෙන් සිටිය ද, දේශපාලන සිරකරුවන් තව දුරටත් සිරකර සිටීම කුමන අරථයෙන් හෝ සාධාරණ නැත. අද හෙට දින මාස මග බලා දඬුවම් විඳිමින් සිටින හැඟීම දැනීම සිහිපත් කරමින්, සගයිනි ඔබගේ හැඟීම් බෙදා ගනු ලබන්නේ සිංහල කොටි  බවට පත් වූ සමස්ත  දේශපාලන ආඛ්‍යානය නිවැරදි යැයි කීමට හෝ එය සධාරණීය කරණය කිරීමට නොව, පරමාරථ වශයෙන් හා අවංකත්වය අතින් නිවැරදි වුවත්, ක්‍රියාමාර්ගික හා  දේශපාලනික අරුතින් වැරදි මගකට තල්ලු වූ ඉක්මන හා අබුද්ධික රැඩිකල් කම පිළිබඳ ස්වං විවේචනාත්මක ආස්ථානයක සිටිමින්ය.

මෙම සංසිද්ධිය මහ දේශපාලනයේ ආඛ්‍යාන අතර ඉතා කුඩා අංශුවක් වුව ද වාමාංශික ප්‍රගතිශීලී යැයි කියා ගත් සමාජ ධාරාව සතු වූ මානව වගකීම ජාතිවාදයට තල්ලු කර  අන්තිම දෙමලා ද කොටියා කොට නැසිම දක්වා රාජ්‍ය උසිගන්වමින්  සිටි දේශපාලනික සංස්කෘතියේ අතුරු නියත සංසිද්ධියක් වන්නා සේම, න්‍යායික නිද්‍රාවෙන් හා ගෝත්‍රික ප්‍රගතිශීලි විඥ්ඥාණයෙන් යුතු වූ දේශපාලන සංස්කෘතියක් උතුරු දකුණු අරගලයට උරුම වී මනුෂ්‍යත්වය පරාජය වූ නිසා ය. ඉතින් ප්‍රගතිශිලි වූ මිනිසුනි අප හැමට ශුද්‍ර දෙයින් ද බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. එය හොඳාකාරව රාජ්‍ය ඉගෙන ගෙන ඇත. අවසානයක් නැති ද අවසාන වශයෙන් කිව යුතු වන්නේ “ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ය.කිසිවකුට හෝ දඬුවම් දියයුතු යැයි සිතෙන්නේ නම්, ඔබලාට කිව යුතු වන්නේ “ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“ යන්නය.

 

 Image

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

ඉවසන දනා වෙමු අපි සැමා


 Image

 

ගැට ගසා ගමු ජීවිතය

කෙසේ හෝ

ඉවසන්න හුරු පුරුදු

මිනිසුන් ය කෙසේ හෝ

 

තුන් වේල එකක් කර

බත් පතට මුසුකර

පියාඹමු සාලයට

ජාතියේ විරුවන්ව

 

බණ දෙසන ටෙලිවිෂන්

විකුණති ඇඩ්වටයිසින්

අගේ ඇති රස බොජුන්

පෙන්වති වෙළෙඳ මැදුරින්

 

බත් පතට අඩු දෑ

අතුරුපස පසු දා

දෑස් හැඳි විහි දා

ගෑරුප්පු පිහි දා

 

කපාකොටා උයා පිස දා

සිත් පතට ගෙන බෙදා

මෙත්තා මුදිතා කරුණා

උපේක්ඛා වෛරය මැඩ දා

 

ජාතිය වෙනුවෙන්

වළඳන ජීවිතය

ඉවසන්න හුරු පුරුදු

මිනිසුන් ය කෙසේ හෝ

 

උදය ආර්. තෙන්නකෝන්

 

Drought in Mind


Image

It is a lake

Dried up

By the draught

Creaked and evaporated

Poetic soul

 

Lights with thunder

Sky is threatened

Signs, words and metaphors

Conceiving in clouds

Darken the mind

 

Waken up pen

Searches for

To have a blank paper

To a poetic rain

 

Stirring up the mind

Ill grown cyclone

Aborts rains

Udaya R. Tennakoon

 

වහල් මනසක්, ජඪ සමාජයක්


Image

වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ-

ප්‍රවාද අංක 2

“පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන්   වූ විනාශය  අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින් දුටු අතර ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඇති වැදගත්කම ද කියා පාන්නට විය. ග්‍රීසියේ පශ්චාත් යුද තත්ත්වය දුටු සොක්‍රටීස් පැවසූයේ යුද්ධයෙන් පසුව ඇති වන්නේ වහල් මනසක් සහිත ජඩ සමාජයක් යන්නය. එය ලංකාව විෂයෙහි ද වලංගුතාවක් ඇති යතාර්ථයක් වී ඇත.“

පශ්චාත් යුද අවධිය යනු ලාංකික සමාජය විපරිවර්තනීය(Transformative) හැඩයකට බඳුන් වෙමින් පවත්නා තරමක භයානක විනාශකාරී තත්වයකි. මෙම තත්ත්වය යුදමය තත්ත්වයට ද වඩා බිහිසුණු වන්නේ එහි විනාශකාරී මූලයන්  සීතලමය යුධ තත්ත්වයක පසුවෙමින් සමාජ දේහය ඛාදනයට හසු කීරීම හා ආත්මාර්ථය මුඛ්‍යෙ කොටගත් බල කාමයකින් යුක්ත පැරැණි සාම්ප්‍රදායික පවුල් කේන්ද්‍රීය පාලනයකට ගැට ගැසුණු සමාජයක් බවට පත්වීමය.ඒ අර්ථයෙන් ද එය පශ්චාත් වැඩවසම් තත්ත්වයකි. ආකෘතිය අතින් ගත්කල නූතනවාදී, සංවර්ධනීය සංවර්ධන චිත්‍රයක් පෙන්නුම් කළ ද, ගුණාත්මක වශයෙන් පිරිහුණු අසංවර්ධිත ලක්ෂණවලින් පසුපසට ඇදෙන්නා වූ සමාජයක් අප හමුවේ ඇත. මෙම තත්තවය ඇතුලත සිට දිකින තරමට වඩා පිටත සිට, අනෙකුත් විශ්ව සමාජ ක්‍රමයන්ගේ ඓතිහාසික ගමන් මාර්ගයන් හා එහි වර්ධනීය දෑ සමග ගැලපීමෙන්, සංසන්දනය කිරීමෙන් පසු ලංකාව විෂයෙහි නැගෙන හැඟීම මත පැවසිය හැකි වන්නේ, ලංකාව රෝගී තත්ත්වයකට විපරිවර්තනය වෙමින් යන බවය.

මෙම රෝගි තත්ත්වය හඳුනා ගැනීම හා ඊට ප්‍රති කර්ම කිරීම කෙටි කාලීනව හා දිගු කාලීනව සිදු කිරීමට සූදානම් වීම යනු ලාංකික සමාජ වෙනස උදෙසා දමනු ලබන අත්තිවාරම වන්නේය. න්‍යායික ලෙස පශ්චාත් යන විශේෂණ යෙදුම යොදා ගනු ලබන්නේම ඉන් පසු කියැවෙන නාමික අර්ථයේ ස්වභාවය වෙනස් කිරීමට මිස එය ඉදිරියට ගෙන යැමට නොවේ. නිදර්ශනයක් ලෙස පශ්චාත් යටත් විජිත යන සංකල්පයේ හැඟවුම් කරන්නාවූ අර්ථය වන්නේ, එහි තවමත් යටත් විජිත මූලයන් හා ක්‍රියාකාරිත්වයන් ඇත යන්නටය. එයට අනුව යටත් විජිතවාදයට එරෙහි සටනකින් හෝ ක්‍රියා මාර්ගික අරගලයකින් පසුව ඇති කරනු ලබන සමාජ වෙනසට පශ්චාත් යන යෙදුම භාවිත කළ නොහැකිය. එය වනාහී විප්ලවීය තත්ත්වයකි.යටත් විජිතවාදයෙන් පසු ලංකා සමාජයේ එවැනි වෙනසක් නොවුණු බැවින්, පශ්චාත් යටත් විජිත ලංකාව යනුවෙන් හැඳින්වීම වරදක් නොවන සේම, පශ්චාත් යුද තත්ත්වය ලෙස හැඳින්වීම ද නිවැරදි වන්නේ තවමත් යුද පරිසරයක් හා රාජ්‍ය විසින් මුදාහරිණු ලබන පිඩනය හා මර්ධනය හේතුවෙනි. මේ අනුව ලාංකික සමාජය විප්ලවීය වෙනසකින් නව සමාජයක් නිර්මාණය වන්නේ නම්, ප්‍රධාන පෙළේ දේශලපාලන සංස්කෘතික අර්ථයෙන් යුතු පශ්චාත් යන විශේෂණ පද විධවංසනය කළ යුතු වේ.

 ඇමරිකානු නිදහස් සටන ඊට ඇති එක් නිදර්ශනයක් වන අතර, අමෙරිකානුවන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යෙන් නිදහස් විමෙන් පසුව අමෙරිකානු සන්දර්භය සඳහා පශ්චාත් යන යෙදුම යොදා නොගනී. ඔවුන්ගේ සාහිත්‍ය පවා නව අමෙරිකන් සාහිත්‍ය වන අතර එය කොමන් වෙල්ත් සාහිත්‍ය හෝ පශ්චාත් යටත් විජිත සාහිත්‍ය  නොවන්නේය. අමෙරිකානු විප්ලවයෙන් පසුව ඔවුන්ට අනන්‍ය වූ ස්වකීය අමෙරිකානු මොඩලය තනා ගන්නට විය. නමුත් ලංකාව වැනි රාජ්‍යයන්, බ්‍රිතාන්‍යයින් විසින් හැරගිය පසු ඇති වූ  සමාජයට අලුත් තත්ත්වයක් ලැබුණේ නැත. සමාජයක් ලෙස ඉදිරියට පැමිණියේ පැරණි වැඩවසම් හා යටත් විජිත අංග ලක්ෂණ සහිත අඛණ්ඩිත සමාජයකි. එම නිසා ලාංකික සමාජය එම අර්ථයෙන් පශ්චාත් යටත් විජිත ලෙස හැඳින්වීම වලංගු වේ. අනෙක් අතට ලාංකිකයින් ලෙස නිදහස සැමරුමෙන් ආඩම්බරවීමටද සතුටු විය හැකි යථාර්ථයක් අපට ඇතැයි කිව නොහැකිය.

පශ්චාත් යන සංඥාව සහිතව ලාංකික සමාජයේ කොතෙකුත් සංඥා ව්‍යහාරිකව පවතී ද යන්න සිතීම වැදගත් වන්නේ සමාජ දේශපාලනික වෙනසක් උදෙසා යොමුවීමේ දී ය. පශ්චාත් මරණ පරීක්ෂණයේ සිට කැමති පරිදි වෙනස්කළ යුතු මිනිසාට සමාජයට අහිතකර සෑම සාංසිදධියක නාමකරණයකට මෙකී විශේෂණය යොදා ගත හැකි වේ. ඒ අනුව පශ්වාත් යුද අවධිය තුල ද තවත් පශ්චාත් ප්‍රපංචයන් එමට ඇත. පශ්චාත් පැහැර ගැනීම්, පශ්චාත් අවතැන්වීම්, පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා වැනි බොහෝ සිද්ධින් ඇත. මෙකී තත්ත්වයෙන් තවත් අතීතයට ගිය විටද පශ්චාත් භීෂණ සමය, පශ්චාත් ජයවර්ධන , පශ්චාත් ප්‍රේමදාස යුග, ආදීය ද  නිදසුන් වේ.

දේශපාලනික හා සමාජ සංස්කෘතික අර්ථයෙන්  පශ්චාත් යුධ තත්ත්වය යන්න අතිශය වැදගත් අවස්ථාවකි. පශ්චාත් යටත් විජිත තත්ත්වයට ද වඩා මෙම අලුත් තත්ත්වය සුවිශේෂි වන්නේ එය මත ගැට ගැසුණු සමීපතම මානව සබඳකම් සහිත අභ්‍යන්තරික, භාහිර සමාජ දෙශපාලනය හා සංස්කෘතිය ඒ තුල ක්‍රියා කිරීම වැදගත් වන බැවිනි. මෙකී පශ්චාත් යුද තත්ත්වය නැසිය යුතු වේ. වෙනස් කළ යුතු වේ. සංකල්පීය ලෙස යුදමය තත්ත්වයක් රට තුල නැති වුවද භෞතික හා මනෝමූලික වශයෙන් පශ්චාත් යුධ තත්ත්වයක් ඇත.එම තත්ත්වය විසින් පෙර නොවූ විරූ හා බලාපොරොත්තු නොවූ සමාජ පීඩණයක් සමාජය තුල ගැබබ්බර වී ඇත.එම පීඩනය මත ගැබ්බර සමාජය වෙත වර්ධනාත්මක වෙනසක් ඇති නොවුහොත් විපරිවර්තනීය සමාජ තත්ත්වයක් ඇති වී ඒ තුල සමාජ සත්වයා ස්වභාවික විය හැකිය. එය මේ මොහොත තුල සිදු වෙමින් පවතින්නේය.

පැරණි සමාජයේ ආගම තුල ස්වාභාවික වූ මිනිසා තමාට අත්විඳිමට ඇති කරදර බාධක දෛවයට හා කර්මයට ලඝුකොට ස්වභාවික වී “ මේක ලබා උපන් හැටිමේ අපේ කරුමේ“ යනුවෙන් තමන් අභිමුක ඇති යථාරථය ආගමික යථාර්ථයකට විපරිවර්තනය කර ගන්නට විය. එවැනි තත්වයන් ලෝක ඉතිහාසයේ බොහෝ සමාජ තුල විප්ලවීය වෙනස්කම්වලට ලක් කරමින් මනුෂ්‍ය අර්ථයන්, අගයයන් සොයා ගන්නට විය. ලාංකීය සන්දර්භයේදී වෙනස්වීම් වෙනුවට, අවිච්ඡින්න ලෙස ඊට අතීත තත්තවයන් ද සෑම නිමේෂයකම සිදුවන අගතිගාමී සිදු වීම් සහිතව විපරිවර්තිත වෙමින් පවතී.මේ නිසා මුළු සමාජය පුද්ගලයාගෙන්, පවුලින් හා සෙසු සංස්ථාවන්ගෙන් විපරිවර්තනය වී ඇත.මෑත දශක දෙක තුනක කාලය තුලදී සමස්ත දේහයම එහි ඇති කාරකයන් තුල අනර්ථ වී(අතාර්ථික ) ඇත. නීතිය යන්න නිදසුන් ලෙස ගතයුතු නම් කොපමණ නම් වාර, අවස්ථා, හා පුද්ගලයින් නීතිය යන්න අනර්ථ කර ඇත් ද. නීතිය යන්න තව දුරටත් යාන්ත්‍රණයක් නොවේ යැයි කීම විවාද සහගත වුවද ඇත්ත වශයෙන්ම දැන් රටට නීතිය වැඩක් නැත. නීතිය තියෙනවා මිසක ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක වන ප්‍රමාණය ද සිදු වනුයේ දුබල, පීඩිත, විරුද්ධවාදීන් තලා පෙලීමට මිස යුක්තිය සඳහා නොවන බව බුද්ධිමතුන් පමණක් නොව සාමාන්‍ය පුරවැසියා ද විදේශිකයා ද පවා වටහා ගෙන ඇත.රටේ නීතිය රජුගේ නීතිය වී ඇත. පවුලේ නීතිය වී ඇත. හොරුන් තක්කඩින්ගේ නීතිය වී ඇත. ඒ නිසාම

මර්වින් සිල්වා හා නීතිය

දුමින්ද සිල්වා හා නීතිය

 සුධර්මන් රදලියගොඩ හා නීතිය

මොහාන් පීරිස් හා නීතිය

බවට පත්ව ඇත. මෙම ජනප්‍රිය නිදසුන් හැරුණුකොට ගම් මට්ටමේ සිට මැදමුලන පවුල දක්වා දත් නොදත් රහස් වු නීතීන් කොපමණ නම් වේ දැයි ගොළු, බිහිරි අඳ ජනයින් පවා දනී. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී පීඩිත ජනයා දාරියෝ ෆෝගේ Dario Fo’s We Can’t Pay? We Won’t Pay! (Non si paga! Non si paga!) .” “ගෙවන්නැත්තම් බම්බුගහන්නද (සිංහල පරිවර්තනය) (මෙම නාට්‍යෙය් සිදු වන ප්‍රධාන පෙළේ සිදුවීම් අතර වැදගත්ම දේ වන්නේ ජනතාවට ඉහල යන බඩුමිල හා ජීවන බර දරාගත නොහැකිව, පවත්නා නීතිය නොතකා නිතිය තමන් අතට ගෙන වෙළෙඳ සැල් තුලට පැන එහි ඇති ද්‍රව්‍ය බලෙන් ගැනීම ය) යන නාට්‍යෙය් නළුවන් බවට පත්වේද යන්න වෙනුවට, හැඟීම් දැනීම් නැති ලාදුරු රෝගීන් බවට විපරිවර්ථනය වීමෙන් මුදා ගැනීමට නම් බුද්ධිමත් සමාජ වෙනසක් ඇවැසිය.එම වෙනසට ඇවැසි පරිසරය නිර්මාණය කළ යුතුය.එම වෙනස් කිරීම් අතර නීතිය යන්න එක් දේහයක් වුවද, සෙසු සමස්තය ද නීතිය හා යුක්තිය කඩා වැටීමේ කැණිමඩල මත නිදන්ගත වු දේහයන්ය.  නීතිය හැසිරවීමේ සිටි ප්‍රධාන පුද්ගලයකු වූ සරත් නන්ද සිල්වා මහතා සිදුව යන විනාශයේ පශ්චාත්තාපිත සත්වයකු බවට පත්ව සිටිය ද අතීතය තුල කරන ලද වැරදිවල විපාක මුලු මහත් සමාජ දේහයම අත්විඳන මොහොතේ ඔහු ඇවෑමෙන් අසුන්ගතවූවන්ද එහිම වින්දිතයන් බවට පත්ව “ඉන්නවා“ වෙනුවට “තියෙනවා“ යන අප්‍රාණික නාමපද බවට ඉහල උසාවියේ සිට පහළ උසාවිය දක්වා ආයතන ද, පොලීසිය ඇතුලු සෙසු දේහයන් පිරිහීමකට පත්ව ඇත.

එබැවින් මෙම පරිච්ඡෙදයෙන් අලුත් තත්ත්වයකට සමාජය වෙන්ස් කිරීමට නම්, එහි ඇති රෝග කාරකයන් මැනවින් වටහා ගෙන ක්‍රියා කිරීම සමාජ වෙනසකට අර අඳින ජනයාගේ ද විශේෂයෙන් ප්‍රගතිශීලී දේශපාලනයේ යෙදෙන පුද්ගල, පක්ෂ, කණ්ඩායම් ද සිවිල් සමාජයේ ද බුද්ධිමතුන්ගේ ද කාර්යය විය යුතු වේ. මේ මොහොත තුළ දී පවා එයට අවැසි දැනුම, න්‍යාය, විවේචන හා මානව සාධකය රට තුල හා පිටත සිට ක්‍රියා කළ ද ඒ කිසිවක් ගුණාත්මකව සමුච්ඡගත වූ ධාරාවක් බවට පත් නොවීමේ ගැටලුව හේතුවෙන් එය ද විපරිවර්ථනීය තත්ත්වයකට පත්ව ඇත. භාවිතයක් නැති න්‍යාය සමාජය තුලට පිවිසීම සමාජය තුල හොල්මන් කිරිමකි. එය භාවිත සුභාවිත යථාර්ථයන් බවට පත්කර ගැනිමට නම් අද දවසේ ප්‍රගතිශිලින්ගේ කාර්ය විය යුත්තේ එයයි. එනම් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ  සම්මුතිකාමී ගිවිසුමකට පැමිණීමය.

කළ යුත්තේ කුමක් ද ඉදිරියට….

අවධාරණය: මෙහි සඳහන් කරන පශ්චාත් යන වචනයෙහි දේශපාලනික න්‍යායික අදහස  Helen Gilbert, Joanne Tompkins විසින් රචිත Post-Colonial Drama යන කෘතියෙහි අදහසක් වේ.

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

හැව ඇරියත් ගැරඬියා


Image

 

හැව ඇරියත් ගැරඬියා

හරි බයයි 

භූමි තෙල් ගඳට‍

 

පොහොය ගෙට වැද

පාරාජිකාව පිළිගෙන

වස් වැසුවත්

යටපත් කළා මිස

නැසූ බව නපුර

සැකයි හිත

 

කටුවෙන් එළියට

හොට දමයි

බලන්නට වට පිට

 

හැව ඇරියත් ගැරඬියා

හරි බයයි 

භූමි තෙල් ගඳට‍

 

නොමළ ගෙයකින්

මිනිහෙක්

කොහේ දැයි විමසයි

 

හැව ඇරියත් ගැරඬියා

හරි බයයි

දෙමළුන්ට

 

ඉල්ලන විට

උරුමය

ඔසවන කල

කොඩිය

 

යටි හිත

යළි දුවයි

මස් රාත්තලමය

කිය කියා

 

කට ඇර කියන්නට

දෙමළට දෙන්න අයිතිය

ස්වයං තීරණ ගන්න

 

හැව ඇරියත් ගැරඬියා

ඒකට ටිකක්

නිහඬය

 

බඩගින්නට

තිබුණත් කෑම දිරවන්න

ලොකුවට කතන්දර

කෑමට  ගනියි

බටහිර

 

මරා ගෙන  කන්න හැදුවට

ගිලුණු

ලිබරල් ක්‍රමය

හැව ඇරියත් ගැරඬියා

තාමත් ජාන

ගෝත්‍රිකමය

 

ගව් ගණනක් පෙරට

සැරසුණත් දුවන්නට

කෙරුවාවෙ ගියරය

යන්නේ රිවස්මය

 

හැව අරියත් ගැරඬියා

බයයි භූමි තෙල්

 සුවඳට

හැව ඇරියත් සිහලයාමය

නිහඬය

දමිල සටනට

 

රැවුලත් කැඳත්

රැකගෙන

බලයක් ගන්න

පෙරදින

මර්ධනයෙනුත්

පිට පැන

කදිමය මැක්කාගෙ තියරිය

 

බටහිරුන්

මරා ගෙන කෑම

මව් බිමෙහි

බැසගෙනම නෑම

එක්ව වෙන් වී මහා හඬ ලෑම

ජීව්තය තවත්

එක රස්සාව වීම

 

හැව ඇරියත් ගැරඬියා

බඩ ගා යන්නෙ

තුඹසට

 

උදය ආර්. තෙන්නකෝන්