වයසට උඩින් පැන
වේගයෙන් දිව යන
බලෙන් යල් පැන
කරුමයකි ජීවිත රූ කය
වෙහෙසට පත්ව හිත
නොලද දේ ගැන හිත
ඇස් වසා ගන්නට
බල කරයි ලොව දුගියට
විය ගසක බැඳ
ඇදගෙන යාවි අද
හෙට කියා දවසක්
ඊයේ ද තිබුණා
එය අදය
හෙටත් මේ අදම ද
මේ අධම ලෝකය
ධර්මයෙන් ගොතන
යුක්තියෙන් වසන
කළු සළු බඳින ඇස්
කර්මයෙහි සිර කර
කරබා ගන්ට ඉඩ හැර
අඳුරින් ජීවිත බෙදයි
ඇත්තාට ඇති වෙන්ට
නැත්තාට නැති වෙන්ට
ගැත්තාට සැනසෙන්ට
ඊයේ අද වඩා වැඩි හෙට
පරතරය ලියලන්ට
සුළුතරය රජ වෙන්ට
බහුතරය කැප වෙන්ට
සාධු කාරය දෙන්ට
උදය ආර්. තෙන්නකෝන්
