ජෝන් සිංඥෝ හෙවත් ජෝන් මාමා


Image

නිමිත්ත: ඉඳහිට ගමට කතාකර සුවදුක් අහන අවස්ථාවක දී ජෝන් අත්තප්පා මිය ගිය වග සැළ විය. එවිට ඔහු පිළිබඳ හිත කිව්ව මතකයයි

 

රිටිගල කන්ද වට

මින්නේරි හබරණ මහ වන

ඇඳුණු සිතියමකි හිත

මගක් නොමැතිව ඇවිදින

 

පළු වීර දං මල් පිපෙනා

බිඟු රොන් පිණිස ඇදෙනා

ඉවෙන් දත් ජෝන් මාමා

මී කැලේ යන්න හපනා

 

උන්දෑ සමඟ පිංචා [1]

සුප්පා[2] හැටා මාමා[3]

බැඳන් වාඩිබඩු මුට්ටා

ගමනට එකට බැස්සා

 

කඩා කොල අතු රිකිල්ලක්

එල්ලා කිරි ගහක මතුරත්

මින්නේරි දෙවියන්ට බාරයක්

මී වද පැණි පිරුනු ගමනක්

 

දින දෙක තුනක් ඈතට

පීරා කැලය ඈතුලට

මී වද තියෙය් යහමට

ආ පහු හැරෙනු බැරිහිත

 

කැටපත් මලේ මී පැණි

නොම්මර එකේ රස විණි

විකුණන්න නොවේ ඒ පැණි

දරු මුණුපුරෝ මග විණි

 

දෙය්යන්ගෙ අඩවිය

කට වැරදී ද වහ විය

වැළහින්න කඩා පැනපිය

මී පැණි ලෙයින් මුසු විය

 

සටනකිය මහ වන මැද

වැලහින්න දෙවෙනි නොම විය

බයට සී සී කඩ විය

ජෝන් මාමා තිනි විය

 

පෙර වාසනා ගුණ ඇති

මළ කඳ අරන් ගිය සකි

පිහිටට ආවෙ ලොරියකි

ජීවත් වෙන්න පිං ඇති

 

පාදයක දෑඟිලි

දකුණු අත සුළැඟිලි

නහය කොට විරූපී

බරු ගසා අඳ කරපු ඇසැකී

 

ඇඟ කිලි පොලා ගිය

ළමා විය දුන්න මතකය

කතා හතරක් පද විය

ගමට ගලිවර් විය

 

විහිළුවට බොරු කියයි

පොඩි උන්ද බය කරයි

ජිල් ජෝන් යන්නයි

ගම්මු පටබැඳි නාමයයි

 

හිඳුණු වැව් මඬ මත

එරුණු ඇත් පැටියව

බේරා ගත්තෙ ජෝනය

අලි ජෝන් උනේ එහෙමය

 

ජිල් ජෝන් අලි ජෝන් වලස් ජෝන්

කැපුවත් පාට කොල  අලි ජෝන්

මහින්දසෝමට[4] බොහෝ සේ ලැදි ජෝන්

ලද දෙයක් නම් කිසිමවිට නැති ජෝන්

 

උදය ආර් තෙන්නකෝන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


[1]

[2]

[3] ගැමියන්ගේ නම්ය

[4]  කැකිරාව ආසනයේ හිටපු මන්ත්‍රීවරයෙකි

චොකලට්හි ඔතා දෙමි දුක සැකය මුසු කවිය


Image

 

මාවෝවාදි සින්දාබාද් සින්දාබාද් සින්දාබාද් [1]

ධනවාදී මුර්ගාබාද් මුර්දාබාද් මුර්දාබාද් [2]

ක්‍රාන්තිකාරි [3] සින්දාබාද් සින්දාබාද් සින්දාබාද්

ධනවාදී මුර්දාබාද් මුර්දාබාද් මුර්දාබාද්  

 

වැසි නැතිව ගිගුරමින් හඬනා විසල් අහස

රතුපාට කොඩි වැනෙන  දිළිඳු  සිත් දසත

නේපාල රතු බිමේ සිදුවෙනා මේ මහා වෙනස

කිළිටි වී දිය වේද  කඩා බිඳ අඳුරුකර දවස

 

එදා අප පැමිණ අපෙ මව්බිමම හැරපියා

හැංගෙන්න වන වදුලු නැතිව අසරණ නියා

බඩගින්න කල්දමා වතුර උගුරෙන් තෙමා

පිහිට වූ මහෝදර සහෝදර ඔබතමා

 

කොමරේඩ් වදන පොදු   කට පුරා කියනා

ගැටගසා ගත් බසට හද හැඳින  බැඳුනා

කත්මන්ඩු නිම්නයම අපේ යැයි හැඟුනා

ඈත නැති සිහිනයක සටන් බිමෙ යෙදුනා

 

කිසිදාක දැක නොමැති ඇදුණු ජන ගංගා

කේන්ද්‍රය වැටලලා මහ සිංහ ධර්බා

වැටුනු සිත් පණ ලබා හද යළිත් ලියලා

සටන් බිමආසියා මව වෙතැයි සිතුනා

මවක් නැති දරුවන්ව පිටුවහල් වෙද්දී

ගැබක් විය ඉපදෙන්න දැක බලා සවන් දී

උදෑසන අවදි වී සින්දා බාද් කියද්දී

ලෙන්ගතුව වැළඳ ගති සහොදරකම දී

 

ඔබ විසුව කඳවුරෙහි අප එකට විසුවා

දාල් බාත් තර්කාරි[4] හැමදාම පිසුවා

ශනිදාට කසි මාසු[5] බලාගෙන හිටියා

කට රසට අපි එකට බිම ඉඳන් කෑවා

 

දසෙයි[6] මහ උත්සවේ මුළු රටම සමරනා

සටන් බිමෙ නිවාඩුව හැමෝටම ලැබෙනා

කොමාන්ඩර් හැමෝටම සම කාසි බෙදනා

කෙසේ අමතක වෙම්ද කොටස්කරුවෝ උණා

 

සමුගන්න දා ඔබව ඉගිලෙන්න යුරෝපා

දමා මලා මලින් නළලෙ ගා රතු ටීකා

නොහැකි විය සඟවන්න බරයි ඒ හැඟුමි පා

නෙත් තෙමී බැඳුනු බැමි හැමෝටම කියා පා

 

පුෂ්පයක් වූ නෙළුම් දාල් කොමරේඩ් ප්‍රචන්ඩා

භද්‍රායි කිරන් හා ත්‍රිකෝනයෙ අනන්තව බෙදුනා

බෙදෙන්නට ගැටුණු මත විෂ කළ ද මුර්ගා

සියක් මල් පිපේවිද විසංවද මාවෝගෙ නෙරපා

 

ඔබේ මග පිය මනින එක්ව විසු සහෝදර

මරා ගනු තරමටම උනේ ඇයි ගොරකර

බලා ඇති මහ දිළිඳු ජනයාව තනිකර

කුමන අර්ථය වේද  කිරුල  ගෙන විසිර

 

විසිරුණත් නියෝගව වෙන් වෙන්ව නුඹලා

ගනු බැරිය පැත්තක්  හැම තැනම නුඹලා

වෙන් උනොත් විනාසය දැන ගනිව් නුඹලා

මිනිස්බව ඉතිරිකර පෙන්නුවෙත් නුඹලා

 

සිව් මසක් ජිවිතය උදම් වූ  මහ සොඳුරු සොම්නසය

යුරෝපයෙ තවම නම් සොයා ගත නොහැකි විය

ආදරය පමණක් ය දෙන්න ඇති එකම අගනා දෙය

චොකලට්හි ඔතා දෙමි දුක සැකය මුසු කවිය

උදය ආර්. තෙන්නකෝන්

 2012/05/27

 


[1] දිනේවා

[2] භංගවේවා

[3] විප්ලවවාදී

[4] දාල් – පිර්ප්පු, බාත්- බත්, තර්කාරි- එළවලු

[5] එළු මස්

[6] හින්දූන් විසින් දින ගණනක් සමරණු ලබන සංස්කෘතික උත්සවයකි

මහ සිකුරාදා


Image

(ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් අත්අඩංගුවට ගත්තවුන් ත්‍රස්තවාදීන්ය. බූස්ස රැඳවුම් කඳවුර දෙවන වර විවෘත වූයේ දෙමළ විමුක්ති කොටින් හා ත්‍රසතවාදයට සැකකටයුතු පුද්ගලයින් රඳවා තැබීම පිණිසය. සතියකට එක් වරක් පමණක් සිරකරුවන් සිය ඥාතීන්ට ඉතා කෙටි කාලයක් තුළ බැලිය හැකිය. සිකුරාදා එම දිනයයි)

සිකුරාදා

මහ සිකුරාදාවකි

රැඳවුම් කඳවුරට

බලාපොරොත්තු

දැල්වෙන දෑස්

සියුම් දෙකන්

වෝකි ටෝකි මෙසේජ් එකට

තම නම

කියැවෙතැයි අවදියෙන්

 

යති සතුටින්

එති වූ හැඟුම්

බර දුකින්

එල්ලාගෙන

බිස්කට් පැකැට්

බීම බෝතල්

නියම කළ

බූස්සේ කැන්ටිමෙන්

 

නිනදා අපහාස

තර්ජන ගර්ජන

විඳ දරා කැණහිලි

බිතු සිතුවම්

පිටු නොපෑ

මා පිය

බිරිඳ නෑයින්

 

කියන්නට තිබුණ දෑ අපමණ

අසන්නට තිබුන දෑ කොපමණ

වචනවලට වඩා

වැටෙන කඳුල

ලොකුය භාෂාවට

ඊට ද වඩා

හිරකරගත් කඳුල

නළියන මුහුණු

වළිකන හිත්

දඬුවම් විඳිති

හිරගෙයටත් වඩා.

උදය ආර්. තෙන්නකෝන්

2007/ අප්ප්‍රේල් බූස්සේ රැඳවුම් කඳවුරේදී

 

උපනන්ද ආඛ්‍යානය


පූර්විකාව

කසල වුව දැමීමෙන්

සිද්ධවන කුසලය නිකසල

බෝ මළුව ඇමදිනා සාදු උප නන්ද

හිටි ගමන් ලැබ මහා මග පල

සංසාර ජීවිතය වරින් වර වෙනස් කළ

 

එපිසෝඩ් 1  තණ නැසීම

 

දුකට මුල නැසිය යුතු හේතුවයි තෘෂ්ණාව

සතුව නැත කිසිදාක සුඛය ගිහිගෙය අත්විඳ

සිත් ගත්ත වසන්තී වැලි මළුව සපතල

වස්සාන කාලයක් මහිම පින් උදාකළ

 

පිංපාට කයවඩන  රාත්‍රී සත්කාර

තුන් වේල රස නහර මසුළු සිතපිනා යන

සංසාර ජීවීතය නොවේ මෙය කෙටිකරන

පිංසාර ගමනකට කල් තියා විවරණ

 

එපිසෝඩ් 2. අභිනික්මන

 

පඬු සිවුර හැරදා

ඩෙනිම් කිට යසට ඇන්දා

කැඩපත වෙතට කැන්දා

මුඩු හිස නොවේ බාධා

 

නූතන ලෝකයට පිං

ස්ටයිල් අපමණ දැං

වීරයා වේ රිකී මාටිං

කෙස් ටිකට දමා ජෙලටිං

 

පිචිච මල් සුවඳ ඇති ආරාම

පරදවා සෙන්ට් සුවඳ වැදුනම

ශෝකයක් කීවාද රාගයම

එලි බසී පසිඳුරෝ තුඹසින් විගසම

 

ලබාගත් රහත් මග පල

බිඳ දා අන්ධකාරය

හැරදා ගියේ සඟ ගෙය

සොයා සුව ගෙනෙන ප්‍රේමය

 

ඈතින් ඈතටම ඉගිල්ලී

ජීවිතය නුහුරකම පැටලී

ඈ ඔහු අතේ එල්ලී

මී පෙම් වදන් තෙපලී

 

සමනල ගිරෙහි පාමුල

සීතල වතුර සනහන

සැක හිත හෙමින් බලමින

ඈ වෙත තදින් ලං විණ

 

අහස් ගව්වෙහි නැවතිණ

හිඳ ළය හොවා අළුයම

බී එක කෝපි කෝප්පය

කෑවේ එකට ආප්පය

 

නැග නැග ගොසින් වෙහෙසින

වැඳ වැඳ   පාද ශ්‍රී කමල

දෙති දෙති නියත විවරණ

අත්හල නොහැකි ප්‍රේමය

Image

 2 කෙටස

එපිසෝඩ් 3

ඩෙනිම් හැව යළි හැර දා

කහවතින් වෙස් ගත්තා

හැඩි වූ මිදුල ඇමදා

යළි හිත හදා ගත්තා

 

ගම් හතක උපාසක දායක

බැතිසිත් දිනූ පිං වැකියක

දන පිරිත අවමඟුලක

හරවත් රසට දෙසුමක

 

කෙළෙස් මුසු  බැලුම් හී තළ

පහර වදිනා දසුන් සිත තුල

වටාපත් පළිහ ඇතුවාද විදහළ

දෙනෙත් බිඳ හද ඇයට වෙන් කළ

 

බැතිමත් දනන් අභිමුව වැඩ සිටිද්දී

වනපොත් දහම නිරායාස දෙසද්දී

කාටත් හොරෙන් වැඳි දෑතින් බලද්දී

ආලය රාග ගී හිත තුල කියද්දී

 

මෝදු වූවා ගිනිදැල්

දවා හද ඇට මිදුලු වැල්

හොරා ගෙන හෙමින් පදවැල්

ගීතයක් විය දහම් පාසැල්

 

වස්සානයයි සොඳුරු වසන්තී

ළමා සාරිය හැඩයි බැති හිතැත්තී

සිප ගන්න පෙරුම් දම් කවිවලින් ලියද්දී

විවර පියයුරු දෙකඳු මැද පෙනෙද්දී

 

පිරිය යුතුවේ පෙරුම් දම්

බලා උචිතව මහ බැලුම්

තනිවෙන්න තැනක් නැත තහනම්

ආදරය උතුරනා සීමාව පැනයම්

 

මතු සබැඳී

උදය ආර් තෙන්නකෝන්

 

අමතක කරයි නම් ඔබ මාව- If you forget me by Pablo Neruda


ImageImage

අවැසි වේ

ඔබට දන්වන්න

යමක්

 

කෙසේද යත් ඔබ දනී

මම බලයි නම්

මගේ කවුලුවෙන්

රත් පැහැ මන්ද සරා කලෙහි

සුපැහැදිලි සඳු දෙස.

 

මම ස්පර්ෂ කරමි නම්

ගින්දර අභියස

අස්පෘෂ්ඨ භෂ්මාව

නැතිනම් දර කොටෙහි

රැළි ගැසුණු දේහය

පවතින හැම දෙයක් මෙන්

මා ඔබට ගෙන යන

සුගන්ධය, එළිය, ලෝහය

මා එනතුරු බලා සිටින ඔබේ දූපත් දෙසට

යාත්‍රා කරන

පුංචි ඔරුවල තිබිණි

 

දැන් කදිමය

ටිකෙන් ටික ඔබ මට

පෙම් කිරීම නතර කරයි නම්

මමත් ඔබට පෙම් කරීම

හෙම්හිට නතර කරන්නම්

 

එකෙනෙහිම

මාව ඔබ

අමතක කරයි නම්

මාව නොසොයන්න

එවිටත් මම ඔබව අමතක කොට තිබේවි

ඔබ උමතුවෙන් මෙන් බොහෝ කල්

හිතයි නම්

ලියූ වදන් සුළඟ

මගේ ජීවිතය තුලින් හමා යයි

එවිට ඔබ තිරණය කරයි

මගේ මුල් ඇති හදෙහි

වෙරළේදී මාව හැරයන්න

 

මතක් කරන්න

එදින

එපැය

මගේ අත් ඔසවාවි

මගේ මුල් පලායාවි

සොයාගෙන වෙන බිමක්

 

එනමුත්

හැම දිනකම

හැම පැයකම

ඔබව මට උරුමව ඇති බව

බද්ධ ක්‍රෝධ මිහිර ඇතිව

ඔබට හැඟේ නම්

හැම දිනකම මලක්

මාව සොයා

ඔබේ තොල් මත නගී නම්

අහා..  මට හිමි අහා… මගේ ප්‍රේමය

මා තුලැති ගිනි

යලි මෝදුවේවි

නිවන්නට හෝ අමතක කරන්නට

කිසිත් නැත මා තුල

මගේ ප්‍රේමය

ඔබේ ප්‍රේමය පෝෂණය කරයි  පෙම්බරව

ඔබේ තුරුලෙහි රැඳේවි

ඔබ ජීවත්වන තුරාවට

මගේ ප්‍රේමය හැර නොයා

Pablo NerudaImage

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

 
 

ව්‍යුහ හා යුද වැද


 

රාමු කළImageImage

මගේම රූපය

මා අභියස

 

බලා හිඳ

ඊට වැද

කඩා බිඳ

කැබලි ලොකු පොඩි

 

මගේ රුව

වැතිර බිම

බලා හිඳ

මගේ දෙස

 

ලඟා විය

දෑතට ගෙන

ඉරා ඉරා

කීතු කීතු කර

වීසි කළා

 

නැත

මම

නමුදු මගේ

ඇස කණ නාස මුක

අත් පා ඇඟිලි හිස

එක එක හැඩ

ත්‍රිකෝණ චතුරස්‍ර

 

කෝප සිත

දැවෙන හද

එකතු කොට

දවා අළුකර

බලා හිඳ

 

දනී ඇති බව

බෙදී ශුද්‍රව

ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන

 

කාමරය

ඇඳ පුටු මේස

ලෝකය

කලාප

රට

නගර ගම් පවුල නෑ හිත මිතුරු

මා හැර අවට

 

වෙහෙස

පිපාස

වත්කර

වීදුරුව

මතුවිය මගේ රුව නැවත

 

ගිනි බිඳ

දුම් වැටිය

දුම් ගුලි හෙලා ඉහලට

වළලු වළලු

වලා පටල

නිමේෂයෙන්

කැබලි කැබලි

උඩට ගියා නොපෙනී

 

සතුටු

ප්‍රීතිය

හිනා

මට ද කිසිවකුට නොව එය

සොයා ගතිමි සොයා ගතිමි

අනුරාධා !!! අනුරාධා !!!!

 

නාද විය

සිත බිඳ

ස්කයිප් තරංගය

උදය ආර්. තෙන්නකෝන්

 

අඳුර මැද සොඳුරු ය


Image

පූර්විකාව

කසල වුව දැමීමෙන්

සිද්ධවන කුසලය නිකසල

බෝ මළුව ඇමදිනා සාදු උප නන්ද

හිටි ගමන් ලැබ මහා මග පල

සංසාර ජීවිතය වරින් වර වෙනස් කළ

 

එපිසෝඩ් 1  තණ නැසීම

දුකට මුල නැසිය යුතු හේතුවයි තෘෂ්ණාව

සතුව නැත කිසිදාක සුඛය ගිහිගෙය අත්විඳ

සිත් ගත්ත වසන්තී වැලි මළුව සපතල

වස්සාන කාලයක් මහිම පින් උදාකළ

 

පිංපාට කයවඩන  රාත්‍රී සත්කාර

තුන් වේල රස නහර මසුළු සිතපිනා යන

සංසාර ජීවීතය නොවේ මෙය කෙටිකරන

පිංසාර ගමනකට කල් තියා විවරණ

 

එපිසෝඩ් 2. අභිනික්මන

පඬු සිවුර හැරදා

ඩෙනිම් කිට යසට ඇන්දා

කැඩපත වෙතට කැන්දා

මුඩු හිස නොවේ බාධා

 

නූතන ලෝකයට පිං

ස්ටයිල් අපමණ දැං

වීරයා වේ රිකී මාටිං

කෙස් ටිකට දමා ජෙලටිං

පිචිච මල් සුවඳ ඇති ආරාම

 

පරදවා සෙන්ට් සුවඳ වැදුනම

ශෝකයක් කීවාද රාගයම

එලි බසී පසිඳුරෝ තුඹසින් විගසම

ලබාගත් රහත් මග පල

 

බිඳ දා අන්ධකාරය

හැරදා ගියේ සඟ ගෙය

සොයා සුව ගෙනෙන ප්‍රේමය

ඈතින් ඈතටම ඉගිල්ලී

 

ජීවිතය නුහුරකම පැටලී

ඈ ඔහු අතේ එල්ලී

මී පෙම් වදන් තෙපලී

සමනල ගිරෙහි පාමුල

 

සීතල වතුර සනහන

සැක හිත හෙමින් බලමින

ඈ වෙත තදින් ලං විණ

අහස් ගව්වෙහි නැවතිණ

 

හිඳ ළය හොවා අළුයම

බී එක කෝපි කෝප්පය

කෑවේ එකට ආප්පය

නැග නැග ගොසින් වෙහෙසින

 

වැඳ වැඳ   පාද ශ්‍රී කමල

දෙති දෙති නියත විවරණ

අත්හල නොහැකි ප්‍රේමය

මතු සම්බන්ධයි.

උදය ආර්. තෙන්නකෝන්

 

රන් මුදුව


Image

මුදුගිල්ල

හිර කළ

රන් මුදුව

දිලිසෙන්න

පළඳිනා

නිරතුරුව

 

තනා ගත්

බලකොටුව

යතුරු නැති

දොරටුව

 

එබෙන්නට

කිසිවකුට

ඉඩ නැත

 

ජිවිතය

ආදරය

බැඳුණු බැමි

කඩ විය

හිදැස් ඇති

කවුලුවෙන්

තටු නැතිව

ඉගිලිය

 

මුදුගිල්ල

රන් මුදුව

හිරවිය

තටු නැතිව

වරින් වර

ඉගිලිය

 

සොයා ගිය

නිදහස

අර්ථ

හිස් විය

 

කැඩීගිය

ජීවිතය

මුදුගිල්ල

රන්මය

උදය ආර්. තෙන්නකෝන්

 

 

 

විසංවාද ව්‍යාකරණය


Image

ලංව

දැවටෙන්නීය

ඇඟවුම

පෙම්වතිය

 

වෙන්ව

අත දුර

ඇවිදින්නේය

ඇඟවුම

මිතුරිය

උදය ආර්. තෙන්නකෝන්

 

සෙනෙහෙබර ඔබ ලඟ – Nähe des Geliebten – J.W. von Goethe


ඔබ ගැන සිතමි

හිරු දිළිසෙනු දැක

සයුරු මන්ද ප්‍රභා කැන්

ඔබ ගැන සිතමි

සඳෙහි මන්දාලෝකයෙන්

දිය ඇලි බැබලේ.

මම ඔබ දකිමි

ඈත දුර මග

දූවිලි නැගෙයි

ඝණ අඳුරෙහි

පටු පාලම මත

මගියා සෙලවෙද්දී

මට ඔබව ඇසේ

අපැහැදිලි නාදයක් සමග

රළ ගසා යයි.

නිහඬ අරඹට නිතර යමි අහන්නට

සියල්ල නිශ්චල වූ කල

මා ඔබ සමගය

කෙසේ ඈතක සිටියෙද

ඔබ මා යාබද!

හිරු බැස යයි

සැනෙකින් මට තරු බැබලේ

මෙහි ඔබ පමණක් සිටියා නම්

පරිවර්තනය: උදය ආර් තෙන්නකෝන්

In the Same Cell


Image

(They were Tamils. I was a Sinhalese in same country calledSri Lanka.)

 

They murmur and exchange

In their own mother tongue

I was a dumb person

Because of the language

I talk

In my tongue

He reacts and learns

As he knows little bit

In the same cell of same act

Between the death and life

We passed time without a meaning.

Looks at me

Makes change and

Closes with loyalty

Clearing face with smiles

 

Thereafter

We

Composed words

With crippling time

Exchanging a lot

Among each other.

 

As mutes sometimes

Had to be with another’s

Silence was the greatest tongue

Understood hearts to each other

Danger beckons untold secrets

Came out at the sleepless nights

Identifying the souls.

The image changed

He and I brought

We together drew a new picture

Point of the pen of language

Taking the colors of trust

While the time

We imprisoned in the camp

Called “Boossa Detention camp”

 

Udaya R. Tennakoon

Unseen Visitor



 Image

 

 

 

 

 

 

 

 

 

 

 

You imprisoned in

Mother’s womb

When I was arrested and imprisoned

In social prison womb

Without seeking the sun and moon

Days and weeks

Months and years passed

And in the meantime you released from uterus

Keeping eternal pain

in my heart no one seen

Without a name and a born father

Grew up in a transitional time

And I put a name after three months

Relatives knew

But it concealed to neighbors

“Her father has been in abroad”

After almost six months

My daughter with mother

In front of the prison

Where crowding packed room in prison

Between the wall and through a small window fixed a

Small holes net

They have come to see me

.

Touching the iron bar

She was looking at me

Tears collapsed

Out of eyes of mother

But my eyes dried up

As the heart weeping

“This is your father”

Asked with sighs

She smiled

Looking at me

Touching the iron bar

Udaya R. Tennakoon

Dream in jail


Image

Be smile

Without crying

Gaze

Without thinking

I’ll be there

Without inform

Be at home

Without absent

Difficult days passed

Without telling

Stealing the time and life

Suffering sighs

Unlimited

Regular dreams

Without sleeping

Four sided walls

Filming only one picture

That’s you and

Sorrowful face

Your are mine

princess pigeon

I‘ll be freed

A day near future

Udaya R. Tennakoon

නපුරු යැයි කියනා සුළඟ


Image

ගඳ සුවඳ මුසුකර

බිඳ පවුරු සීමා

රිසි නොරිසි

ඇයි හොඳයිකම්

හමා රිංගා

පපු කුහර

නහර වැල් ඇතුලට

බටහිරින්ම නොව

පෙරදිග මෝසමත් සමඟ

 

උදය ආර්. තෙන්නකෝන්

මුහුකුරා ගිය හදෙහි බර නොමැති සහෝදර



 Image

සරමක් තුවායක් මදින්නැති කමිසයක්

බුරුසුවත් චාජරෙත් කියවන්න පොතකුත්    

යල් පැන්න ඩයරියත් හැර නොයන මල්ලත්

තැනින් තැන ඉගිලෙනා ජංගමදිවියක්.

                                                                                         

ලගින්නේ කොහෙද    සැලසුමක් නොකර

ජීවිතය කොතෙක් කල් පැල වුණිද තැන තැන

හෙමින් ගමනකුත් නැති බල්ලාට වැඩක් නැති

බොහෝ අය‍ කී බසට දේසනාවක් දුනි

 

පදනමක් නැතුවට කේවල පවුල් දිවියට

පදනමක් හිත තුල ලොවක් හීනෙන් දකින

කොණ්ඩයට රැවුලට වැවෙන්නට ඉඩහැර

පාරිභෝගික ලොවට කවි කමින් හිනා විණ

 

සහෝදරවරු කැටුව දවස නිමවන අඳුර

කැකෑරෙන අරමුණ මීවිත ද සමඟ මුහුකර

ගීතයෙන් පවා හද සංවරව නාද කර

බාරෙකෙන් පිටවුණේ වේටර් ද එක්කර

 

දන්නෙමත් නැතිව රැවුල හිස කෙහෙ පැහී

නින්දකුත් නැති සිහින තවම යහතින් දකී

උමතුවක් යැයි කියන නෑමිතුරු  දුරස් වී

නොපරදින ඇත්ත හිතට මහමෙරක් වී

 

නමක් නැති තැනක් නැති උවද මහබරක් එක්කර

අයුතු තැන  අභීතව පෙරටවිත් සිය පපුව දික්කර

හඬක් ඇති තැන් කොනක නිහඬ බව මුසුකර

මුහුකුරා ගිය හදෙහි බර නොමැති සහෝදර

මුහුකුරා ගිය හදෙහි බර නොමැති සහෝදර


Image

 

සරමක් තුවායක් මදින්නැති කමිසයක්

බුරුසුවත් චාජරෙත් කියවන්න පොතකුත්    

යල් පැන්න ඩයරියත් හැර නොයන මල්ලත්

තැනින් තැන ඉගිලෙනා ජංගමදිවියක්.

                                                                                         

ලගින්නේ කොහෙද    සැලසුමක් නොකර

ජීවිතය කොතෙක් කල් පැල වුණිද තැන තැන

හෙමින් ගමනකුත් නැති බල්ලාට වැඩක් නැති

බොහෝ අය‍ කී බසට දේසනාවක් දුනි

 

පදනමක් නැතුවට කේවල පවුල් දිවියට

පදනමක් හිත තුල ලොවක් හීනෙන් දකින

කොණ්ඩයට රැවුලට වැවෙන්නට ඉඩහැර

පාරිභෝගික ලොවට කවි කමින් හිනා විණ

 

සහෝදරවරු කැටුව දවස නිමවන අඳුර

කැකෑරෙන අරමුණ මීවිත ද සමඟ මුහුකර

ගීතයෙන් පවා හද සංවරව නාද කර

බාරෙකෙන් පිටවුණේ වේටර් ද එක්කර

 

දන්නෙමත් නැතිව රැවුල හිස කෙහෙ පැහී

නින්දකුත් නැති සිහින තවම යහතින් දකී

උමතුවක් යැයි කියන නෑමිතුරු  දුරස් වී

නොපරදින ඇත්ත හිතට මහමෙරක් වී

 

නමක් නැති තැනක් නැති උවද මහබරක් එක්කර

අයුතු තැන  අභීතව පෙරටවිත් සිය පපුව දික්කර

හඬක් ඇති තැන් කොනක නිහඬ බව මුසුකර

මුහුකුරා ගිය හදෙහි බර නොමැති සහෝදර

උදය ආර්. තෙන්නකෝන්

දැන් ඉතින් නැගිටියව් !!! (මැයි කවි ) අංක 1


 ImageImageImage

 

සොයුරු ජනයිනි දිළිඳු පීඩිත

ලෝකයේ නන් දෙස ඇත

කප්පරක් බර උරුම හිස මත

දුකින් දැවෙනා ගිනි කඳුය හදවත

 

රතු ධජය ලොව ලෙළ දෙන්න

නිමක් නැත නැගෙන බඩගින්න

මැයි දිනේ අරුත ගෙන දෙන්න

එක දිනක් ඇතිද    ජය ගන්න

 

ලෝකය සොඳුරු මෙන් පෙනුනට

පීඩිතයාට නැත  ලැබී කිසි  යහපත

අහරක් නැතිව නෙත් වැසෙන දහමට

එරෙහිව පෙළ ගැසෙනු ගෙන කගපත

 

විසල් සයුරෙහි නැගෙන රළ මෙන්

සටන් කරනට නිබඳ සැරසෙන්

විසිරුනත් බර ලෝකයට දැන්

දරා ගත හැකිද නැගී බුරමින්

 

දෙවියන් බඹුන් නිරිඳුන් සිටිනා ඉහළ

උන්ගේ වචන ඔවදන් ආවත් පහළ

සියවස් ගණන් රැව් දුන්නත් ලොව පතළ

පහළට වැටී පීඩිත ජීවිත සරළ

උදය ආර්. තෙන්නකෝන්

අන්නාසි වෙළෙන්දාට මැයි දිනය (මැයි කවි) අංක 2



 ImageImage

මිල ඉගිලුනත් අහසට

කෑල්ලක් කාවි තිබහට

ලුණු මිරිස් කුඩු රසට

පෝලිමේ එයිද පෙර ලෙස

 

එදා එක තැනක

මෙදා දෙතැනක

අන්නාසි කෑ හිතවත

මෙදා ඔබ කොහි වෙත

 

කොහි ගියද ඔබ

මාද ඇත ඔබ සමග

බෙදා අන්නාසි කූඩය

පුතා අත යවමි එතැනට

 

ලොකු තැන කොතැනද

එදා මෙන් පෙර තැනද

සැකයි කණ වැකුණු විදිහද

මා යා යුත්තෙ කොතැනද

 

විකුණන ගමන් මුරිසිත්

රසකතා බොහොම සිත්ගත්

කිලිපොලා නැඟුණු හඬවිත්

ඔල්වර හඬින් පණව්ත්

 

අමතකව කන්න මුරිසී

මිනිසුන් නොමැත විසිරී

ඒ හඬ මෙදා කොහෙ වී

කමක් නැත පුතත් එක් වී

 

නිකන් දෙන්නට හිතුනත්

බිස්නස් එකකි හිතවත්

ජීවත් වෙන්න කොහොමත්

බෙදුනු එක හොඳය අපටත්

 

ලොකුකර ගන්න වෙළෙඳාම

සිහිනයකි හිත් කොනක හැමදාම

වෙන් වී සටන් කෙරුනාම

සරුවට හිටියි වෙළෙඳාම

 

උදය ආර්. තෙන්නකෝන්

 

රෝස රතු මැයි සුවඳ (මැයි කවි) අංක 3


Image

වසා ඇති ට්‍රන්ක පෙට්ටිය

බාමින් බිමට වෙහෙසය

කාලය ගෙවී මහළුය

වෙනස්කම් එමට සිදු විය

 

බලා හිඳ අරුත් රහිතව

ගලාගිය හැටිද දෛවය

ඇර දා පියන දිස් විය

කපුරු සුවඳින් රැකුණු කමිසය

 

පුස් සුවඳ මුසු වූ පරණ කපුරූ

කැස්සක් වැදී පපු නහර හිර වූ

රතු පාට කමිසය තවම පරණ වූ

ගෙවී ගිය පැහැය දී රෝස වූ

 

වැසුණු සැඟවුණු කමිසෙ තැන්වල

කොලර් කිහිලිද නැවුණු තැන් යට

රෝස පැහැයට එකඟ නැති රතු

වෙනස දැක නොදැක මෙන් නෙතු

 

කොමිනිස් දහම ජීවිතයට හරය විය

කොල්වින් සොයුරු ගත් ඒ මග උරුම විය

මැතිණිත් දුවත් සමඟින් ගොස් මහළු විය

අන්තිම කාලෙ යුද්ධයටත් සතුටු විය

 

 

 

කාලෙකින් හමු නොවුණ සහෝදර

පැරණි රස මුසු කතා ජීවිතයපණ ලැබ

ප්ලිස්ටික් පුටුව මත ෆැන්ටා එකක රසවිඳ

රහක් නැති වචන වුව හිස වනා එකඟව

 

ලොඹු ඩැහැ ගැණුනු කම්කරු ගීතයට නැගී

සකළ දේස වාසිනි එක් වන්න යළි

අරගත් හඬින් මොර දෙන රජයේ මැතිඳූ

එහෙයි කියන   හඬ   පීකර දෙදර විණී

 

නිර්ධනයිනි ඇමැති කෙනෙක්  එදා අපට උන්නා

පීඩිතයිනි ඇමති කෙනෙක්  මෙදා අපට ඉන්නා

ඉතින් මොකද මැයි රැලියට  වාර්ෂිකව යන්නා

ගිහින් සටන අත්කර ගෙන ආයෙ ගෙදර එන්නා

 

උදය ආර්. තෙන්නකෝන්

 

 

ව්‍යවහාරික හයිකු- ගබ්සාව හා වඳ බිරිය


Image

ජීවන මහ බර
දිවියට අඩුකර
සිහිනයට ඉඩහැර
බිරිඳ පෙම්බර

උදය ආර්. තෙන්නකෝන්

ජෙරුසෙලම- Jerusalem by William Blake


 ImageImageImage


එංගලන්ත හරිත කඳු වැටි වෙත

ඉපැරණි ඒ පාද ඇවිද ගියේද

එංගලන්ත පියකරු තණබිම්

දෙවියන්ගේ ශුද්ධ වූ බැටළුවා දුටුවේද

 

වලාකුළු එතුණු කඳු මත

දිව්‍යමය මුහුණුවර දිලසුණිද

මේ අඳුරු සාතන්ගෙ කමිහල් අතර

ජෙරුසෙලම මෙහි ගොඩ නැගුවෙහිද

 

දැවෙන රන් මගෙ දුන්න ගෙන එන්න මට

ආශාවේ දුනු හී ගෙන එන්න මට

දිගහැරෙන වලාකුළු! මගේ හෙල්ලය ගෙන එන්න මට

අග්නි යුධ රථය මගෙ ගෙන එන්න මට

 

මනෝමය සටනින් අහවර නොකරමි

මගේ කගපත අතෙහි නිදන්නට නොදෙමි

ජෙරුසෙලම ගොඩනගා නිම කරන තුරු   අප

සිත්කලු භූමියේ එංගලන්ත තණබ්මෙහි

 

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

 

 

 

කමක් නැත ඔබේ හද විවර නැති ප්‍රේමය



Image

 කියන්න මට කියන්න

කොහේ හෝ වැරදුනා

දැන් ඉතින් වැඩක් නෑ

එත් දැන ගත යුතුයි

කියන්න මට කියන්න

 

හදවතේ ඉඩක් නැත

යන්තමට එබෙන්නට

කියා නම් හිතන්නෑ

ඔබේ මුහුණින් දුටිමි

ඔබේ ඔය හදවත

 

ඇස් දෙකෙන් කතා කළ

වචන නැති හිනාවේ රහස් විය

හිත් යටින් හමා ආ සුවඳ ඉවකර

නො ඉල්ලා ඉඩක් හද

ඔහේ හිටියාට ඔබේ ලඟ

 

නිතර ඇරෙනා

නිතර වැසෙනා

විවර හදකුත් ඔබට තිබුණා

මගේ ප්‍රේමය ප්‍රකාශිත දා

ඔබේ හදවත අගුලු වැටුනා

 

කියන්න මට කියන්න

කොහේ හෝ වැරදුනා

දැන් ඉතින් වැඩක් නෑ

එත් දැන ගත යුතුයි

කියන්න මට කියන්න

 

මගේ මැන ගැනීම:

ලෝකයේ අසම බර මා හිසට               දැනෙනා

ප්‍රේමයේ සොඳුරු තැන් මා අතින්          හැලුනා

ජීවිතේ මෙහෙම නම් කියා ඔබ             හිතනා

මගේ බර ඔබේ හද විවර දොර             වැසුනා

 

නිදහසේ ඉගිල්ලෙන කුරුල්ලෙකි         ප්‍රේමය

සමස්තය මගේ යැයි සිතිවිල්ල                ප්‍රේමය

ඉඩක් නැත බැඳෙන්නට යමක් හා        ප්‍රේමය

කමක් නැත ඔබේ හද විවර නැති         ප්‍රේමය

 

උදය ආර් තෙන්නකෝන්

 

දෙහි ගෙඩිය හා රාළහාමී


 Image

දෙහි ගෙඩියක්

සාක්කුවේ හංගාගෙන

රෑ මුරට

රාලහාමී බූස්සට

 

සැකකාර හිර කොටි

සිරකරැති කුටි

භාරගෙන ගැන

හරියටම ඔළුගෙඩි

 

පැට්ට්‍රෝල් යමින්

සටහන් තියයි

හිරගෙය නිදයි

ඔහු පුටුවට බරයි

 

නිදයි නොනිදයි

ශබ්ධයකට ගැස්සී

සක්මන් කරයි

නොපෙනෙන අවතාර

හොල්මන් කරයි

මැතුරූ දෙහි ගෙඩිය

ඇති එක පිහිටයි

 

බැරිම තැන

සමහර අඳුරු රැය

ගීතයක් මුමුණයි

ශබ්ධ කොට

හිරකුටි ඇහැරවයි

„තොපි නිඳිද“ අසමින්

යකඩ දොර හොලවයි

 

තහනම් වුවද

බුලත් විට ටිකක්

සිගරට් භායක්

අවදිව ඉන්න

සතුරට දෙයි

 

ඔහු රෑට ඩියුටි දා

ඇතැමෙකු ද  මග බලා

යදම් දොර අසල

මුර කරයි

 

ටික ටික හාද

නිල කබා යටැති හද

විටෙක පිටතට ඇවිත් හිඳ

රිංගයි යලිත් තුඹසට

 

බෙහෙතකට නොවුණත් බෙහෙතකි

තුවක්කුව තිබුණත් හිතට රැකවලෙකි

හතුරාට වැඩියෙන් අවතාර වධයකි

දෙහි ගෙඩිය කියන්නේ අතීත කතාවකි

 

බූස්සේ කඳවුර

වධකාගාරයකි සුපතළ

අසූවේ දශකය

සොහොන් පිටියකි දුන් විලාපය

 

ඒ මතක සටහන්

රෑට හොල්මන් කරමින්

නිදා ගන්නට නොදෙමින්

බය කරයි අතීතය ඇවිදින්

 

එකල මැරයෙකි උන්ට යහමින් ගැති

මෙකල වෙන වුන් මුන්ට එමටැති

ලැබුණු කිසිවක් මෙලොවෙ නම් නැති

රාලහාමී සදාකාලික ව්කල් මනසකි

 

උදය ආර් තෙන්නකෝන්

 

 

 

 

සිංහල රටෙහි අම්මා


වැල්වටි තුරෙන් පැහැරගත්

තම්බිරජු ඇගේ පුතුවෙත්

කාගේ පිහිට නොම දත්

අම්මා කෙනෙකි ඇති බර හිත්

 

පොලිසි හමුදා නේවි බුදු මහත්තුරු

නේවිද පුතා ඇහැව්වත් නිරතුරු

සිනහවට වියරුව මිසක නැත තොරතුරු

නුඹෙ පුතා කොටියෙක්ය ලැබුණු හැම පිළිතුරු

 

නව මසක් පමණ  දින ගතවිණි

රතු කුරුස මැතිඳු ගෙදරට සපැමිණි

පුතා ඇති වග කියැවිණි

පූස්සට[1] යන්න පුළුවනි

 

ඒ නයින් පාර වහලා

ඒ හෙයින් නැතුව වීසා

දවස් දොළහක් පොළිමේ ඉඳලා

සිංහල රටට නැව් නැගී ආවා

 

පෙනෙන නොපෙනෙන

අඳුරින් දෑස බොඳ වුණ

යදම් දැල් කූඩුවක සිරවුණ

පුතා දැක හද දවා අළුවුණ

 

පුතා බව නම් සහතිකය

කදිම මුහුණට මක්විය

පිළිස්සී ඇති තුවාලය

කඳුළක් වැටී තෙත් විය

 

කියන්නට බසක් නොම විය

අසන්නට බසක් නොම විය

ආමි උතුමන් දෙපස මුරවිය

පුදුම කාලය නොදැන නිම විය

 

බලාගෙනම ඈ උන්නා

යන්න සංඥා දුන්නා

පුතා ජීවත්ව ඉන්නා

මොනවා කියන්නද අම්මා

 

දරු දුකින් දිරා වියැලුණු සිත

පුත් වැසි බිඳින් හද දලුළත

සුසුමකින් නව පණක් ලද ගත

දෙවියනට බාර දුනි ඈ පුත

 

නපුරු හීනයක් හැබෑවට ඈ දකින්නැති

හතර අත කළු කරන් අහස වහින්නැති

මුව පැටැව් මෙන් බියව හතර අත දුවන්නැති

බැරි තැනට කොටු කර හීන නිම වෙන්නැති

 

හිර ගෙදර තවමත්ය දින ගනින ඇගෙ පුතා

නොඑනඅම්මා කොහෙද ඉන්නේ යැයි සිතා

තොරතුරක් දන්නෙ නැති රතු කුරුස මහතා

පුතා දුන් පණිවිඩය හිත තුල හොවා හංගා

 

 

උදය ආර්. තෙන්නකෝන්


[1] බූස්ස රැඳවුම් කඳවුර

හෙටත් මේ අදම ද



 Image

වයසට උඩින් පැන

වේගයෙන් දිව යන

බලෙන් යල් පැන

කරුමයකි ජීවිත රූ කය

 

වෙහෙසට පත්ව හිත

නොලද දේ ගැන හිත

ඇස් වසා ගන්නට

බල කරයි ලොව දුගියට

 

විය ගසක බැඳ

ඇදගෙන යාවි අද

හෙට කියා දවසක්

ඊයේ ද තිබුණා

එය අදය

හෙටත් මේ අදම ද

මේ අධම ලෝකය

 

ධර්මයෙන් ගොතන

යුක්තියෙන් වසන

කළු සළු බඳින ඇස්

කර්මයෙහි සිර කර

කරබා ගන්ට ඉඩ හැර

අඳුරින් ජීවිත බෙදයි

 

ඇත්තාට ඇති වෙන්ට

නැත්තාට නැති වෙන්ට

ගැත්තාට සැනසෙන්ට

ඊයේ අද වඩා වැඩි හෙට

 

පරතරය ලියලන්ට

සුළුතරය රජ වෙන්ට

බහුතරය කැප වෙන්ට

සාධු කාරය දෙන්ට

 

 

උදය ආර්. තෙන්නකෝන්